Home » පළාත් පාලන ආයතනවල අධීක්ෂණ පත්වීම් අහෝසි කරන්නැයි මැතිවරණ කොමිසම කියයි

පළාත් පාලන ආයතනවල අධීක්ෂණ පත්වීම් අහෝසි කරන්නැයි මැතිවරණ කොමිසම කියයි

by Mahesh Lakehouse
July 6, 2024 12:34 am 0 comment

පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත් කර ඇති කාර්ය පටිපාටියට අයත් නොවන ලෙස ඇති සියලු පත්වීම් අවලංගු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

පළාත් පාලන ආයතනවල විවිධ ව්‍යාපෘති හා සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමට ඇතැම් පළාත් ආණ්ඩුකාරවරුන් විසින් හිටපු පළාත් පාලන නියෝජිතයන් සහ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දුන් අපේක්ෂකයන්ද පත් කර ඇති බවට මැතිවරණ නිරීක්ෂකයන් විසින් කොමිසමට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව එම පත්වීම් අවලංගු කරන ලෙසත් පළාත් ආණ්ඩුකාරවරුන්ට මැතිවරණ කොමිසම විසින් දැනුම් දී ඇත. එසේම කොමිසම පෙන්වා දී ඇත්තේ පළාත් පාලන මැතිවරණය කල් දැමුණද පළාත් පාලන මැතිවරණ නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.

You may also like

Leave a Comment