Home » සංචාරකයන්ට ගුවන්තොටේදීම රියදුරු බලපත්

සංචාරකයන්ට ගුවන්තොටේදීම රියදුරු බලපත්

by Mahesh Lakehouse
July 6, 2024 12:38 am 0 comment
තාරක වික්‍රමසේකර

විදේශ සංචාරකයන්ට මෙරට රැඳී සිටින කෙටි කාලසීමාවන් සඳහා රියැදුරු බලපත්‍ර ලබාදීම කටුනායක ගුවන්තොටුපොළේදීම ආරම්භ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත.

මෙරටට ඇදී එන සංචාරකයන් දිරි ගැන්වීම පිණිස මෙලෙස ගුවන් තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීමට කටයුතු යොදා ඇති අතර මේ දක්වා විදෙස් සංචාරකයන්ට වේරහැර දක්වා ගොස් බලපත්‍ර ලබා ගැනීමට සිදු විය.

සංචාරක ක්ෂේත්‍රවලට සම්බන්ධ පාර්ශ්වයන් හා සංචාරකයන් විසින්ද වරින් වර මේ සම්බන්ධව කළ දැනුවත් කිරීම් හරහා මේ පියවර ගෙන ඇති අතර ඒ සමඟම වැඩි සංචාරක ආකර්ෂණයක් ලබා ගැනීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ. කෙසේ වුවත් එම සංචාරකයන්ට තම රටෙන් නිකුත් කළ රිය පැදවීමේ බලපත්‍රය අනිවාර්යය වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division