විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් සංවිධානය කළ වාර්ෂික සම්මාන උලෙළේදී 2023/24 මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ට හැකියාවන් හා දක්ෂතාවන් ප්‍රදර්ශනය කළ සේවක සාමාජික සාමාජිකාවන් ඇගැයීමට ලක් කරන ලදී. ‘Ignite the Future’ තේමාව යටතේ සිය සෞඛ්‍ය සේවා, පාරිභෝගික සේවා සහ කෘෂි ව්‍යාපාර යන ව්‍යාපාරික අංශයන්හි සේවක සේවිකාවන් ඇගැයීම වෙනුවෙන් මෙම සම්මාන උලෙළ සංවිධානය කර තිබිණ.
කුසලතා, විශිෂ්ටතා හා සභාපති සම්මාන 156ක් විශිෂ්ටයින් වෙත තිළිණ කළ මෙම සම්මාන උලෙළ සඳහා සන්ෂයින් හෝල්ඩිංග්ස්හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම්, උප සභාපති විශ් ගෝවින්දසාමි, ප්‍රධාන විධායක කමිටු සාමාජිකයින්, සම්භාවනීය අමුත්තන් හා සේවක සේවිකාවන් එක්ව සිටියහ.
මීට අමතරව 3000කට අධික සේවක පිරිස අතරින් වසර 10 – 20 දක්වා දීර්ඝ සේවා සම්මාන 89ක් ද, සේවා ස්ථාන විශේෂ දායකත්වය වෙනුවෙන් වූ සම්මාන 13ක් ද ප්‍රදානය කෙරිණි.