නවලෝක රෝහල් සමුහය වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 500ක් සාර්ථකව අවසන් කළ බව පසුගියදා නිවේදනය කළේය.
1987 පුද්ගලික රෝහලක් විසින් සිදු කළ පළමු වකුගඩු බද්ධ කිරීම නවලෝක රෝහල විසින් සිදු කළ අතර, එතැන් සිට මේ දක්වා වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 500කට අධික සංඛ්‍යාවක් සාර්ථකව සිදු කිරීමට නවලෝක රෝහලට හැකි විය.
ශ්‍රී ලංකාවේ පළමු වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට සම්බන්ධ වූ වෛද්‍ය මඩුල්ල නවලෝක රෝහලේ සිදු කළ 300 වැනි වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට ද සහභාගී වූහ. මෙම සුවිශේෂී සංධිස්ථානය පිළිබඳ අදහස් දැක්වූ නවලෝක රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සඳහන් කර සිටියේ ” වකුගඩු සැත්කම් 500ක් සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකේය සෞඛ්‍ය සේවාවේ නව සංධිස්ථානයක් සනිටුහන් කිරීමට හැකි වීම අප ලද ගෞරවයක් කොට සැලකීමට කැමැතියි…” යනුවෙනි.