Home » තරුණ ව්‍යවසායකයින් සවිබල ගන්වන ලංකා බැංකුවේ Unveil the Dream -2024

තරුණ ව්‍යවසායකයින් සවිබල ගන්වන ලංකා බැංකුවේ Unveil the Dream -2024

by sachintha
July 6, 2024 12:34 am 0 comment

ලංකා බැංකුව විසින්, දේශීය ආර්ථිකය වර්ධනය කිරීමේ සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Unveil the Dream 2024 වැඩසටහන දියත් කිරීමට සැලසුම් කර තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), කුඩා ව්‍යවසාය සංවර්ධන දෙපාර්තමේන්තුව (SED), ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමඟ එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන හරහා තරුණ ව්‍යවසායකයින් වෙත දැනුම, සම්පත් සහ ගෝලීය වෙළෙඳ පොළ තුළ සාර්ථක වීම සඳහා අවශ්‍ය සබඳතා ගොඩනංවා ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට සහයෝගය ලබාදීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳ පොළ පුළුල් කිරීම සඳහා නවතම උපායමාර්ග සහ විසඳුම් ලබා දෙමින්, ව්‍යවසායකයින් බලගැන්වීමට අරමුණු කරන Unveil the Dream 2024 වැඩසටහන, මූල්‍ය කළමනාකරණය, වෙළෙඳ පොළ සමීක්ෂණය සහ නිෂ්පාදන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර පිළිබඳ සැසිවලින් ද සමන්විත ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division