Home » ජ‘පුර රෝහලට ‘සුවසැරිය රෝහල් සේවා’ බස් සේවය ඇරඹෙයි

ජ‘පුර රෝහලට ‘සුවසැරිය රෝහල් සේවා’ බස් සේවය ඇරඹෙයි

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම විසින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් කළ ඉල්ලීමකට අනුව ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරන ‘සුවසැරිය රෝහල් සේවා‘ බස් රථ සේවාව ආරම්භ කිරීම ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා සිදු කෙරිණි. ඒ සඳහා බස් රථ දෙකක් පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සේවයට යොදවා ඇති අතර එක් බස් රථයක් පිටකොටුව සිට බොරැල්ල, තලවතුගොඩ හරහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල දක්වාත් අනෙක් බස් රථය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට මහරගම ඇඹුල්දෙණිය හරහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල දක්වාත් ධාවනය කෙරේ. මේ බස් රථවලින් ඕනෑම මඟියකුට ගමන් කළ හැකිය.

ඡායාරූපයේ දැක්වෙන්නේ ආචාර්ය බන්දුල ගුණවර්ධන, සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ ඇමැතිවරුන් ඇතුළු පිරිස මංගල ගමනට එක්ව සිටි ආකාරයයි. මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිීපාල, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස්, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division