අයි.එම්.එෆ්. එකත් ලෝක බැංකුවත් දිගින් දිගටම කියපු කාරණයක් තමයි මේ රටේ වංචා දූෂණ අඩු කර ගත යුතු බව යැයි සජබ මහ ලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා පැවසීය. අද අයි.එම්.එෆ්. ණය වාරිකය ලැබුණම වීරයෝ වගේ කෑ ගහනවා. නමුත් රටේ ආර්ථිකය තවමත් යහපත් වී නැහැ.
අද ජනතාව ඉන්නේ විශාල පීඩනයක. ඒ නිසා මේ මොන දේ ලැබුණත් ඒක ජනතාවට දැනෙන්නේ නැහැ. හැබැයි ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට නම් ඒකේ වාසිය ලැබිල තියෙන බව පේනවා.
ඒ අයට විදේශ සංචාර සුඛෝපභෝගී වාහන පහසුකම් ලැබිල තියෙනවා. නමුත් රටේ ජනතාවට කිසිදු සහනයක් ලැබී නැති බව සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පෙන්වා දෙයි.