Home » IMF තෙවැනි වාරිකයෙන් ආදායම් වැඩිවන අවස්ථා රැසක්

IMF තෙවැනි වාරිකයෙන් ආදායම් වැඩිවන අවස්ථා රැසක්

by Mahesh Lakehouse
June 15, 2024 12:40 am 0 comment

– ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට සෘජුවම
– මූල්‍ය පාලනයේ නීති පද්ධතියත් ශක්තිමත් වෙයි

IMF තෙවැනි ණය වාරිකය ලැබීම හරහා ජනතාවගේ අපේක්ෂාවන් මුදුන් පමුණුවන, ආදායම් වැඩිවන අවස්ථා නිර්මාණයවන රටක් ඇතිවන බව මුදල් රාජ්‍ය ඇමැතිවරුන් වන ශෙහාන් සේමසිංහ හා රංජිත් සියඹලාපිටිය පවසති. එම ඇමැතිවරුන් සිළුමිණට අදහස් දක්වමින් පවසා සිටියේ තෙවැනි වාරිකයෙන් ආදායම් වැඩිවන අවස්ථා රැසක් නිර්මාණය වන බවත්, එම ආර්ථික ප්‍රතිලාභ ජනතාවට ඍජුවම ලැබෙනු ඇති බවත්ය.

ආර්ථිකය නව මානයකට රැගෙන යා හැකි, නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණ නොදෙන රටක් බවට පරිවර්තනය කරමින් තරුණ තරුණියන්ට වැඩි ආදායමක් ලබාගත හැකි රටක් බවට පරිවර්තනය වන බවත්, ආයෝජන ගෙනෙන , විරැකියාව නීතිගත වන, ආර්ථිකයේ වර්ධනය නීතිගත වෙමින් එහි ප්‍රතිලාභ ජනතාවට හිමිවන අවස්ථා නිර්මාණය වන බවත් ඇමැතිවරුන් වැඩි දුරටත් පැවැසීය.

තුන්වැනි ණය වාරිකය ලබා ගැනීම රටක් වශයෙන් ලබාගත් විශාල ජයග්‍රහණයක් බවත්, මේ හරහා නැතිවී ගිය ජාත්‍යන්තර මූල්‍ය විස්වාසය නැවත ලබා ගැනීමට හැකි වූ බවත්ය. මෙම IMF තෙවැනි ණය වාරිකය ලැබීම හරහා ඉදිරියේදි මූල්‍ය පාලනයට ඇති නීති පද්ධතිය ශක්තිමත් වන බවත් රාජ්‍ය ඇමැතිවරුන් වැඩිදුරටත් පැවැසීය.

ඉදිරියේදී වාහන ආනයනික සීමා නිශ්චිත ක්‍රමවේදයක් යටතේ රටට විවෘත කිරීමට සූදානම් බවත්, ඉදිරියේදී මහ බැංකුව විසින් පොළී අඩුවීමේ වාසිය ව්‍යාපාරිකයාට ලබා දීමට සූදානම් වන බවත් පැවැසූ ඇමැතිවරුන් වැඩිදුරටත් පැවැසූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය නිදහස් වීම ජාත්‍යන්තරවත්, දේශීයවත් අපේ රටේ ආර්ථිකය ගොඩනැඟීමේ සාර්ථකත්වයට හොඳ සහතිකයක් ලබාදී තිබෙන බවයි.

ලංකාව සංචිත වර්ධනය කර ගනිමින් , උද්ධමනය පාලනය කර ගනිමින් , වර්තන ගිණුම් කළමනාකරණය කරගනිමින් හොඳ ගමන් මඟක යන බවට මේ වන විට සහතිකයක් ලබා දී ඇති බව රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය හා රාජ්‍ය ඇමැති ‍ශෙහාන් සේමසිංහ සිළුමිණට පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙන විස්තීරණ ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර තිබෙන අතර ඒ අනුව තෙවැනි ණය වාරිකය වන අමෙරිකානු ඩොලර් මිලියන 336 ක මුදලක් නිදහස් කිරීමට ද පියවර ගැනුණේ පසුගියදාය. මේ වන විට සමස්තයක් ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ලැබී ඇත.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division