මේෂ
මිශ්‍රපල ගෙන දෙයි
රැකී රක්ෂා, ව්‍යාපාර කරගෙන යාමේදී අපහසුතා බාධක පැන නැඟිය හැකි බැවින් බුද්ධිමත්ව ඒවා මඟහරවා ගන්න. සති මැද කනගාටුදායක පුවත් සැලවිය හැකිය. සතිය අවසාන වනවිට ගැටලුකාරී බව මඟහැරී ගොස් තත්වය යහපත් අතට හැරේ. පුණ්‍ය කටයුතුවලට දායකත්වය දෙමින් ගෘහ ජීවිතය සතුටින් ගෙන යයි. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් ඇති කෙරේ. අපල අවම වීමට අක්ෂි රෝගීන්ට උපකාර කරන්න.
සුබ අංක – 7, 9, සුබ වර්ණ – රතු, නිල්, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා
වෘෂභ
බාධක මැදින් ජයග්‍රහණ ලබයි
සඳු ගමන් ගන්නේ 6, 7, 8 යන භාවයන් හරහාය. ව්‍යාපාර හා රැකියා අංශවලින් ලාභ ඉපයීම් බාධක මැදින් කළ යුතුවේ. සාමාජීය පොදු වැඩ අන්‍යයන්ට උදව් උපකාර කිරීම්වලට ඔබ නිරායාසනෙයන් යොමු වේ. ගෘහ ජීවිතයේ සතුට සැනසීම ඇතිකර ගැනීමට ද මහත් වෙහෙසක් දරයි. ඉදිරි සතිය වෙනුවෙන් කැපකිරීම් කරන්න. ජයග්‍රහණ ලැබේ. අපල අවම වීමට බුද්ධ පූජාව තබන්න.
සුබ අංක – 5, 6, සුබ වර්ණ – කොළ, සුදු, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
මිථුන
ඉගෙනීමට තිබු බාධා ඉවත් වේ
සඳු ගමන් කරන්නේ 5, 6, 7 යන භාවයන් හරහාය. දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය දැක්වෙන සතියකි. ඔවුන්ට යම් බාධාවක් පැමිණ තිබුණේ නම් පාසල් උපකරණ ලැබේ. බාධා ඉවත් වේ. රැකියා, ව්‍යාපාර කටයුතු යළි උනන්දුවෙන් කළ යුතු යන හැඟීම ඔබ තුළ උද්ගත වේ. සමාජයට නැතිවම බැරි පුද්ගලයෙක් බවට ඔබ පත්වේ. අපල අවම වීමට අසරණ වූ අය ළඟපාත සිටී නම් උපකාර කරන්න.
සුබ අංක – 3, 5, සුබ වර්ණ – කොළ, කහ, සුබ දවස් – සිකුරාදා, බදාදා
කටක
අරමුණු ඉටුවේ
සඳු ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් හරහාය. ගෘහ ජීවිතයේ සතුට සැනසීම දැනෙන මොහොතක ඉස්පාසුවක් ඇති සතියකි. දරුවන්ගේ කටයුතු ක්‍රියා කලාපයන් ගැන සතුටු විය හැකිය. විරුද්ධවාදීන් ඈත්වේ හෝ ඔබ ඔවුන්ගේ ඇසුරින් මිදී යහපත සලසාගනී. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. බලාපොරොත්තු අරමුණු මුදුන්පමුණුවාගත හැකිය. අපල අවම වීමට නිවසෙහි බුදු පහන තබා පත්තිනි මෑණියන්ට පින් දෙන්න.
සුබ අංක – 2, 7, සුබ වර්ණ – කහ, සුදු, සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සිංහ
සුබ සතියකි
සඳු ගමන් ගන්නේ 3, 4, 5 යන භාවයන් හරහාය. වෙන් වී සිටියත් පවුලේ සියලු දෙනා එකතු වී යහපත් කටයුතුවල නියැළෙන සතියකි. සහෝදර උපකාර, මව් දෙමව්පියන්ගේ සහයෝගය ඇත. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවලින් සතුටු විය හැකි වාතාවරණයක් පෙන්වයි. සහජ දක්ෂතාවලින් මිල මුදල් ඉපයිය හැකි අවස්ථා මතු කෙරේ. සුබ සතියකි. විරුද්ධවාදීන් පවා ඔබෙන් උපකාර පතා එයි. අපල අවම වීමට කරණීය මෙත්ත සූත්‍රය කියන්න.
සුබ අංක – 1, 4, 5, සුබ වර්ණ – රතු, තැඹිලි, සුබ දවස් – ඉරිදා, බදාදා
කන්‍යා
මිල මුදල් අතමිට ගැවසේ
සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් හරහාය. මිල මුදල් අතමිට ගැවසෙන සතියක් බැව් පෙනේ. ඔබගේ සහජ දක්ෂතා ඔප් නැංවේ. පවුලේ අයගේ ආශීර්වාදය ඔබට ලැබේ. සමාජය සමඟ ගැටීමේදී සිත් රිදීම් කලකිරීම් ඇතිවන අවස්ථා යෙදුනත් නොසැලෙන ආත්ම ශක්තියෙන් කටයුතු කරන බැවින් ඔබට ජයග්‍රහණ අත්වේ. ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්න. අනෙකාගේ කීම්වලින් ගත යුතු දේ පමණක් ගන්න. අපල අවම වීමට භාවනාවක යෙදෙන්න.
සුබ අංක – 5, 7, සුබ වර්ණය – කොළ, සුබ දවස් – සිකුරාදා, බදාදා
තුලා
යහපත් සතියකි
මේ සතිය ඔබට සුබදායක වන්නේ යමක් කිරීමට පෙර වඩාත් විමසිලිමත් වන නිසාය. ඔබ ගත් තීන්දු තීරණ නැවත පසුවට කල් දමන්නට සිතීම අරමුණු මුදුන්පත් කර ගැනීමට බාධාවකි. ප්‍රමාද නොවී අද කළ යුතු දේ අදම කරන්න. ආර්ථිකය ශක්තිමත්. අන්‍යයන්ගේ ප්‍රසාදය ලබන කුටුම්භ සංරක්ෂණය හොඳින් පවත්වාගෙන යන සතියකි. අපල අවම කර ගැනීමට ධර්ම දේශනා අසන්න.
සුබ අංක – 2, 4, 7, සුබ වර්ණ – සුදු, ලා තැඹිලි, සුබ දවස් – සෙනසුරාදා, ඉරිදා
වෘශ්චික
ආර්ථිකය ශක්තිමත්
සඳු ගමන් ගන්නේ 12 ලග්නය හා දෙවැන්න මතිනි. ආරම්භය යම්කිසි අවාසි සහගත දෙයක් පාඩුවක් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව බුද්ධිමත් වන්න. ඉන්පසු දින කීපය යහපත්ය. අතමිට මුදලක් ගැවසිය හැකි අන්දමේ වැඩ ඔබ සොයා එයි. ඔබගේ වචන අන්‍යයන්ගේ පැහැදීමට හේතුවන සතියේ අග සැනසිලිදායකය. ප්‍රමාද නොවී තමා සතු කාර්යයන් ඉටුකර ආර්ථිකය ශක්තිමත් කරගන්න. අපල අඩු කර ගැනීමට තුන් සූත්‍රය කියා නින්දට යන්න.
සුබ අංක – 2, 7, සුබ වර්ණ – රතු, තැඹිලි, සුබ දවස් – අඟහරුවාදා, බදාදා
ධනු
සුබ සතියකි
සඳු ගමන් ගන්නේ 11, 12 සහ ලග්නය මතිනි. ආරම්භය සතුටුදායක විය හැකිය. අතට ලැබෙන්නට තිබූ යම්කිසි මුදලක් ලැබෙනු ඇත. ඔබ සිතා සිටි බොහොමයක් කටයුතු සාර්ථක කර ගැනීමට ඉදිරි සතිය තුළ හැකිවනු ඇත. උත්සාහය ධෛර්ය කැපකිරීම ඔබ තුළ ඇත. සමහර විටෙක කලකිරීමක් හෝ සිත්රිදීමක් ඇති වුවත් ඔබ පරාජය නොවේ. ඔබ ගන්නා ක්‍රියාමාර්ග සාර්ථක වේ. අපල අවම වීමට මෝර පිරිත ශ්‍රවණය කරන්න.
සුබ අංක – 3, 5, සුබ වර්ණ – කොළ, තැඹිලි, සුබ දවස් – ඉරිදා, බදාදා
මකර
බලාපොරොත්තු ඉටුවේ
සඳු ගමන් කරන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. ඔබගේ රැකියා, ව්‍යාාපර කටයුතුවල පසුබෑමක් තිබුණේ නම් ඒවාට විසඳුම් සොයා පිළියම් යෙදිය හැකි සතියක් වේ. සේවක අඩුවක් තිබුණේ නම් එය ද සපිරේ. ගෙදරදොර සහ දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තුවලට සුබ පලයක් ලැබිය හැකි අතර සතිඅග දුර ගමනක් යෙදිය හැක. අපල අවම වීමට මෛත්‍රී භාවනාව කර දවස ආරම්භ කරන්න.
සුබ අංක – 6, 8, සුබ වර්ණ – රතු, නිල්, සුබ දවස් – බදාදා, සිකුරාදා
කුම්භ
පුණ්‍ය සිතුවිලි පල දරයි
සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් හරහාය. සතිය ආරම්භය විහාරස්ථානයක හෝ වෙනත් පුණ්‍යමය කටයුත්තකට සහභාගි වීමට ඉඩ ඇත. පොදු සමාජ කටයුතු ආදියට දායක වේ. අන්‍යයන්ගෙන් ගරුසරු ලබයි. රැකියා, ව්‍යාපාර කටයුතු සාර්ථක වන ලකුණු. ඒවායින් ලාභ ප්‍රයෝජන ඉපයිය හැකිය. අපල අවම වීමට කුසගින්නේ සිටින අයෙකුට ආහාර වේලක් දෙන්න.
සුබ අංක – 2, 3, 7, සුබ වර්ණ – නිල්, සුදු, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
මීන
මිශ්‍රඵල ගෙන දෙයි
සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් හරහාය. ආරම්භය කනගාටුදායක පුවතක් සැලවීමට පුළුවන. එහෙත් ඉන් පසුව දින කීපය අයහපත් නැත. රැකියා හෝ ව්‍යාපාර වලින් ලාභ අත්වේ. පුණ්‍ය කටයුතුවලට දායකත්වය සපයයි. දුරගමන් යෙදිය හැකි සතියකි. ගෘහ ජීවිතය තුළ විවිධ බාධක ගැටලු මතුවිය හැකි අතර ඒවා දුරදිග නොගොස් පාලනය කර ගැනීමට උනන්දුවන්න. අපල අවම වීමට වෙල් මාළුන්ට ආහාර දෙන්න.
සුබ අංක – 1, 3, 4, සුබ වර්ණ – රතු, කහ, සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා