Home » යුනියන් ඇෂුවරන්ස් නායකත්ව සමුළුව සාර්ථකව නිම වෙයි

යුනියන් ඇෂුවරන්ස් නායකත්ව සමුළුව සාර්ථකව නිම වෙයි

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

යුනියන් ඇෂුවරන්ස් සමාගම, 2024 නායකත්ව සමාරම්භක සමුළුව කුරුණෑගල එපිටෝම් හෝටලයේදී පැවැත්වූ අතර, ඒ සඳහා 250කට අධික පිරිසක් සහභාගි වූහ.

විශේෂඥ පුහුණුකරුවකු වන නාලක හේවාමද්දුමගේ ලබා දුන් පුහුණුව තුළින් නායකයින්ට ඔවුන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීමට සහ වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීමට ක්‍රියාත්මක කළ හැකි උපාය මාර්ග පිළිබඳ දැනුම්වත් කෙරිණි.

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ රිෂාඩ් මන්සූර් (Chief Agency Officer) සඳහන් කළේ, “මේ සමාරම්භක සමුළුව, නායකත්වයේ විශිෂ්ටත්වය පෝෂණය කිරීමට සමාගමේ ඇති

කැපවීම පිළිබඳ සාක්ෂියක්. අපේ නායකයින්ට ඔවුන්ට ලැබිය යුතු මෙවලම්, පුහුණුව සහ පිළිගැනීම ලබා දීමෙන්, අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ට ලෝක මට්ටමේ සේවාවන්

ලබා දෙන අතරම ඔවුන්ගේ රාජකාරි විශිෂ්ට ලෙස ඉටු කිරීමට හැකි වන පරිදි අපගේ කණ්ඩායම් සාමාජිකයින් ගේ කුසලතා ඉහළ නැංවීම සඳහා අප අඛණ්ඩව ආයෝජනය කරනවා…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division