Home » NSBM උපකුලපතිට 2024 විශිෂ්ටතම පුරවැසි සම්මානය

NSBM උපකුලපතිට 2024 විශිෂ්ටතම පුරවැසි සම්මානය

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

NSBM හරිත සරසවියේ උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ මහතා 2024 සිංහ තිරසර සම්මාන උලෙළේදී, සමාජයට දක්වන සුවිශේෂී දායකත්වය වෙනුවෙන් 2024 වසරේ විශිෂ්ටතම පුරවැසියාට හිමි ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය 2024 ජූනි 9 වැනි දින පැවති ජාත්‍යන්තර සිංහ සමාජයේ 19 වැනි වාර්ෂික දිස්ත්‍රික් සමුළුවේදී උත්කර්ෂවත් අයුරින් මහාචාර්ය වීරසිංහ වෙත පිරිනමන ලදි.

ජාත්‍යන්තර සිංහ සමාජයේ 306 A1 දිස්ත්‍රික් ශාඛාව විසින් ‘සමාජයට දක්වන සුවිශේෂී දායකත්වය’ යන තේමාව යටතේ, රටට සුවිශේෂී මෙහෙයක්, අමිල සේවාවක් හෝ ක්‍රියාවක් සිදු කළ පුද්ගලයින් සහ සංවිධාන හඳුනා ගෙන ඔවුන් ඇගැයීමට’ වසරේ විශිෂ්ටතම පුරවැසියාට හිමි ගෞරව සම්මානය’ ප්‍රදානය කෙරේ. ඒ අනුව මහාචාර්ය වීරසිංහ විසින් මෙරට සමාජයට සහ ප්‍රජාවට ලබා දුන් තිරසර දායකත්වය වෙනුවෙන් මෙම ගෞරව සම්මානය පිරිනමා ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division