ඩයලොග් ආසිආටා පීඑල්සී, LMD මඟින් පවත්වන Brands Annual වාර්ෂික අධ්‍යයනයේදී ‘ජනතාවගේ වඩාත්ම ආදරයට පාත්‍රවන සේවා සන්නාමය’ හා ‘ජනතාව වඩාත්ම ආදරය කරන සන්නිවේදන සන්නාමය’ ලෙසින් නම් කරනු ලැබිණි.
මේ පිළිබඳ, ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම ප්‍රකාශ කළේ, “මෙම පිළිගැනීම, අප ලද ඉහළම ගෞරවයක්. ඒ වගේම, මෙවැනි පිළිගැනීමක් තුළින් අවධාරණය කරන්නේ, පාරිභෝගිකයින් වෙනුවෙන් සෑමවිටම ඉහළම මට්ටමේ විශිෂ්ටත්වය පිරිනමමින් නව්‍යකරණයන් තුළින් සේවය
සැලසීමට අප සතු නොසැලෙන කැපවීමයි. මෙම ජයග්‍රහණයෙන් අපගේ පාරිභෝගිකයින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය සහ කැමැත්ත පිළිබිඹු කෙරෙනවා, එමෙන්ම, ශ්‍රී ලංකාව ඩිජිටල් වශයෙන් සවිබල ගන්වමින් සේවා ක්ෂේත්‍රයේ අප යන ගමන් මඟ ඔස්සේ තවදුරටත් යාමට අපව දිරිමත් කරනවා…” යනුවෙනි.