Home » ස්වයං රැකියාවලට ලක්ෂ 250 දක්වා සහන පොලී ණය

ස්වයං රැකියාවලට ලක්ෂ 250 දක්වා සහන පොලී ණය

by Mahesh Lakehouse
June 8, 2024 12:45 am 0 comment
තාරක වික්‍රමසේකර

දිවයින පුරා ප්‍රාදේශීය මට්ටමින් ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම හා ප්‍රාදේශීය සංවර්ධනය ඇති කිරීම සඳහා ස්වයං රැකියා හා ගෘහ කර්මාන්ත සඳහා රුපියල් ලක්ෂ 250ක් දක්වා ණය ලබා ගත හැකි බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ පවසයි. ඒ සඳහා 8% ඉතා සහන පොලී අනුපාතයක් අය කරනු ලබන බවද හෙතෙම පැවසුවේය.

මේ යටතේ මල් වගා කිරීම, මිරිදිය ධීවර කර්මාන්තය, සුරතල් මත්ස්‍ය ව්‍යාපාර ඇතුළු කර්මාන්තයන් සඳහා ණය ලබාගත හැකි වනු ඇත.

SMILE iii ණය යෝජනා ක්‍රමය යටතේම මේ ණය ලබාගත හැකි අතර ඒ සඳහා බැංකු 10ක් සම්බන්ධ කර ඇත. එම බැංකු 10 ඔස්සේ මේ ණය ඉල්ලුම් කළ හැකි අතර ලක්ෂ 2ක් දක්වා පුද්ගල ඇප මත ණය ලබා ගත හැකිය.

මීට අදාළව මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව, එන්.ඩී.බී. බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සණස සංවර්ධන බැංකුව යන බැංකුවලින් ණය ඉල්ලුම් කළ හැකිය.

ස්වයං රැකියා හා ගෘහ කර්මාන්ත ව්‍යාපෘති ආරම්භ කිරීමට අදාළ ව්‍යාපෘති ඉදිරිපත් කළ හැකි අයට හා එම ස්ථාන පවත්වාගෙන යනු ලබන අවශ්‍යතා ඇති අයට මේ ණය ඉල්ලුම් කර තම ස්වයං රැකියාව හෝ ගෘහ කර්මාන්තය ප්‍රවර්ධනය කළ හැකිය.

මේ ණය ලබාදීම සිදු කෙරෙන්නේ කර්මාන්ත උපකරණ ලබාගැනීමේ අවශ්‍යතා සැපයීමට හඳුන්වා දී ඇති SMILE iii ණය යෝජනා ක්‍රමයේම තවත් එක් පියවරක් ලෙසය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division