පාන්පිටි සහ තෙල් බහුල ආහාර රටාවකට හුරු වීමෙන් ආහාර අජීර්ණය හා අම්ල පිත්තය වැනි රෝගී තත්ත්ව මතු විය හැකිය. රසකාරක දමා හදන කොත්තු වැනි ආහාර නිතර අනුභවය ඉතාම අහිතකරය. අද වනවිට මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් ගලවා ගත්ත ද මේ ආහාර පුරුදුවලින් සමාජය ගලවා ගැනීම අභියෝගයක් වී ඇති ආකාරය වෛද්‍යවරු ලෙස අපි හඳුනාගෙන ඇත්තෙමු.
දිවට රස වුවද බඩ ලෙඩ කරන ආහාර අනුභවයෙන් වැළකෙන්නේ නම් ආහාර අජීර්ණය, අම්ලපිත්තය වැනි රෝග වැලඳෙන ප්‍රධාන හේතුවලින් මිදීමට හැකිය.
ප්‍රතිකර්ම
දරුවන්ට සේම වැඩිහිටි අයට ද මෙම රෝගී තත්ත්වයෙන් සහමුලින්ම මිදීමට මෙම කසාය භාවිත කළ හැකිය.
සිවිය මුල්, වියළි ඉඟුරු, මඟුල් කරඳ මුලේ පොතු, කොත්තමල්ලි යන සියල්ලෙන් වර්ගයකින් කලං තුන බැගින් ගෙන වතුර පත අටක් දමා එක පතකට හිඳුවා එයට සහිඳ ලුණු කලං භාගයක්, පෙරුම් කායම් කුඩු කලං භාගයක් දමා පත භාගයක් උදේට බීමට ගන්න.
ඉන් පසු ලුණු අඩුවෙන් දැමූ කැඳ බොන්න, සවසට එම කසායට සහිඳ ලුණු සහ පෙරුම් කායම් නොදමා ඉතිරි පත භාගය පානය කළ යුතුය.
දින හයක් අටක් පමණ බොන විට උදරයේ ඇතුළත තුවාල සුව වනු ඇත.
මෙම කසාය බොන කාලය ඇතුළත පාන් පිටි කෑම, කුකුළු මස්, තෙල් බැදුම් උෂ්ණාධික ආහාර, පැණි බීම වර්ගවලින් වැළකී සිටීම සුදුසුය.