ඉතාම විශ්වාසයෙන්, භක්තිමත් ලෙස මේ දැහැන සජ්ඣායනයෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්න. පළමුව ඔබ ජීවත් වන වත්ත පිරිසිදු කර ගේ දොර ද මකුළු දැල් කඩා අනවශ්‍යය සියලු බඩු බාහිරාදිය ඉවත් කරන්න.
ගේ තුළ ද නිවැරැදි පිළිවෙළට ගේ දොර ගෘහභාණ්ඩ සකස් කරන්න. අමු කහ සහ දෙහි යුෂ මුළු වත්තටම ඉසින්න. කිසිම අයෙකුට නිවසට වත්තට බලපෑම් මින් අනතුරුව කළ නොහැක. යුුෂවලින් මුළු නිවසම තෙත මාත්තු කරන්න.
තමා ද ඉතා පිරිසිදු වී කට්ට කුමංජල් සහිත සුවඳ ධූපයක් වත්තට, නිවසට අල්ලන්න. කපුරු පෙති කිහිපයක් සහිත ධූමය නිවස තුළ අල්ලන්න.
උසස් නිවැරැදි භාණ්ඩ ඇති සිංහල බෙහෙත් කඩයකින් ඇල් වී, ඊතණ, පස්තෙල්, එළ අබ, කැකුළු සහල්, නවරත්න, සුන්සාල්, කහ, කුඩා රත්තරං කෑල්ලක් යන භාණ්ඩ ටික නැවුම් මුට්ටියකට දමා ගේ මැද මුට්ටිය පුටුවක් මත (සුදු රෙද්දක් ඇතිරූ) තබන්න. එදින මල් පහන් පුදා අවසානයේ පහත දී ඇති ප්‍රබල දැහැන 108 වාරයක් මුට්ටියට මතුරන්න. ජ්‍යොතිෂ්‍යවේදියා ලවා රාහු කාලය මග හැර ඔබගේ පක්ෂියා රජවෙන වෙලාවක ගෙයි මුදුන් යටලීයේ එල්ලන්න. සියලු යස ඉසුරු දෙන අණ විණ දුරුවෙන ඉතා දුර්ලභ ප්‍රබල පුරුකමකි මෙය.
හිරු සඳු පවා දපනය කරන උතුම් දැහැන
අෂ්ට චක්‍ර නාමානං
උෂ්ට භූෂණ භූෂණං
සර්ව සිද්ධි හරං තේජෝ
නමඃ සත්තානු සාසනං
බුද්ධ වූ ජීව අති ශ්‍රේෂ්ඨං
සර්ව ශ්‍රී ජයතු මංගලං
ශාන්ති ජයතු මේ මයිහං
ශ්‍රද්ධා ශ්‍රී ජයතු තේජසාමි
සබ්බ පාපස්ස නාමානං තුවං සං ස්ව
වශී හරං සත්තා දුක්ඛා සුඛා ඒතානං
බුද්ධ භාසිතං….
නිවසේ සෞභාග්‍ය දියුණුවට සෑම දිනකම උදය, සවස බුදුන් වැඳ 09 වරක් මේ දැහැන කියන්න.
-සාර්ථක, එමෙන්ම ධනය ගලා එන ව්‍යාපාරයක් සඳහා පුරපස දිනෙක කිරි ආහාර අෂ්ඨ ඵල බෝධියකට පූජා කර ව්‍යාපාරික භූමිය තුළ 09 වරක් පිරිත් කර සත්‍ය ක්‍රියා කරන්න.
– කරදරකාරි නඩුවක් තමාට ඇත්නම් තමා නිවැරැදි නම් 108 වරක් ජප කරන්න.
– ඉගෙන ගන්නා දරුවෙකුට ගණ දෙවි පූජා, බෝධි පූජා තබා මේ දැහැනෙන් 108 වාරයක් පිරිත් කරන්න. මතක ශක්තිය වැඩිවී දරුවා පළමුවන තැන ලබාවි.
– ඔබට මේ එළඹෙන 2024 අලුත් අවුරුද්ද ධනයෙන් වාසනාවෙන් පුරවා ගන්න සත්භාවයෙන් නොපැකිලිව මේ පිළිවෙත් ඉටුකරන්න. ඔබ ජීවිතය ජය ගන්නවාමයි.
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදිනී ගිතාංගනී ගුණසේකර