Home » බලාපොරොත්තු ඉටු කරන දැඩිමුණ්ඩ දේව කන්නලව්ව

බලාපොරොත්තු ඉටු කරන දැඩිමුණ්ඩ දේව කන්නලව්ව

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment

කන්නලව්වට පෙර දෙවියන් වෙනුවෙන් පහත සඳහන් වත්පිළිවෙත් නිවැරදිව ඉටු කරන්න

බගේ අසීමිත වු බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ට පඬුරු බැදීමේ පුරාණ ක්‍රමවේදයක් පාරම්පරිකව පැවත එන බවත් එම ක්‍රමවේදය සත්‍ය වු ක්‍රමවේදයක් බවත් මගේ අත්දැකීමෙන් සඳහන් කළ හැකිය. ඒ ඒ දෙවිවරුන්ට භාරවීම, පඬුරු බැඳීම සඳහා වෙන වෙනම ක්‍රමවේද පවතින අතර ඒ අතර අති ප්‍රබල ක්‍රමවේදයකි දැඩිමුණ්ඩ දෙවියන්ට පඬුරු බැදීම.

මුලින්ම ගිය සතියේ පළවු ලිපියේ සඳහන් මන්ත්‍රයෙන් කහ දියර මතුරා ඉස විනිවිද පෙනෙන වීදුරුවක් හෝ මැටි බඳුනකට සඳුන් පැන්ගෙන එය දැඩිමුණ්ඩ දෙවි පිළිරුව ඉදිරිපස තබා බුලත් පුවක් ආදිය ඔබගේ දැනුම අනුව තබන්න.
අනතුරුව විවිධ පාට මල් වර්ග කීපයක් තබා දුම් දී එළගි තෙල්වලින් පහන් දල්වා රිදී පඬුරක් ගෙන සුදු රෙදි කඩක් සමඟ යහනේ තබා පහත සඳහන් කන්නලව්ව කියන ගමන් නිරතුරුවම යහනට සුවඳ දුම් දෙන්න.
මේ කන්නලව්ව කිරීමට පෙර කළ යුතු වතාවත් සිදු කිරීමට අනිවාර්යයෙන් වගබලා ගත යුතුය.
ඒ උන්වහන්සේගේ බලය අති ප්‍රබල නිසාය.

දැඩිමුණ්ඩ දේව කන්නලව්ව

මෙම ශ්‍රී ලංකාද්වීපයේ අලුත් නුවර අධිපතිව වැඩ වසන ශ්‍රීමත් තේජ බලධාරි මහා බලසම්පන්න දැඩිමුණ්ඩ දේවරාජෝත්මයාණෙනි යකුන් ලවා මා වෙරැතින් ගල කප්පවා අලුත් නුවර දේවාලය සැදුවාවුද යකුන් යක්ෂණීයන්ගේ තිබු ඔද තෙද බිඳ යටපත්කර දේවතා බණ්ඩාර සෙනවිරත්න අධිකාරම් යන නමකින් ප්‍රසිද්ධව වැඩ වසන්නා වු සියලු සතහට හොඳ නරක දෙකෙහි පිහිට වන්නා වු ඔබ වහන්සේ අදත් මාගේ මේ කරුණ ඔබ වහන්සේ ඉදිරියේ පඬුරු පහන් තබා කියා සිටින්නේ ඔබ දෙවියන් නොපමාව මගේ කාරණාව ඉෂ්ට කර දෙන සේක්වා.

දැඩිමුණ්ඩ දෙවියන්ට පහන් තැබීමේ දී ඔබ විශේෂයෙන්ම ආරක්ෂා විය යුතුයි. ඉතාම ප්‍රවේශමෙන් දැන කළ යුතු කාරණාවක් ඕනෑම සුබ අසුබ කාරණාවක් කළ හැකිය. විශේෂයෙන්ම
– දේව දෝෂවලට
– ප්‍රේත දෝෂවලට
– සතුරන් මර්දනයට
– සොරුන්ට දඬුවම් දීමට
– කළ එළියට රාජ සභාවලට යෑමට
– ඕනෑම හදිසි රෝගයකට
– ගේ දොර වතුපිටි වෙළඳ ව්‍යාපාර රැකී රක්ෂා ආරක්ෂා කිරීමට
– අධික මානසික රෝග (පිස්සු) ඇති අයට
– තම ආරක්ෂාව සෑම දෙනාගේම ආරක්ෂාව වැනි ඕනෑම සුබ අසුබ කටයුත්තකදී මෙය ඉතාම වැදගත්ය. ඔබගේ නුවණට ගෝචරය වන පරිදි සිතා මතා කළ යුතුය.

ජ්‍යොතිෂ විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division