Home » හල්ගොල්ල වතුයායට ලොව ප්‍රථම විශිෂ්ට ජයග්‍රහණ තුනක්

හල්ගොල්ල වතුයායට ලොව ප්‍රථම විශිෂ්ට ජයග්‍රහණ තුනක්

by gayan
June 8, 2024 12:30 am 0 comment

කැලණි වැලි ප්ලාන්ටේෂන් සමාගමට අනුබද්ධ හල්ගොල්ල වතුයාය ලොව ප්‍රථම වරට හිමි වූ විශිෂ්ට ජයග්‍රහණ තුනක් අත්පත් කරගෙන තිබේ.

ඒ අනුව පුනර්ජනනීය කෘෂිකර්ම සහතිකය ලත් පළමු වතුයාය, ලොව ප්‍රථම දැනුම් ගවේෂණ සංකල්පය සහ ජෛව විවිධත්ව සංරක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවූ ලොව ප්‍රථම තේ වතුයාය යන ජයග්‍රහණ ත්‍රිත්වයම හිමිකර ගත් ලොව ප්‍රථම තේ වතුයාය ලෙස හල්ගොල්ල වතුයාය තේ ඉතිහාසයට එක් වේ.

එම අවස්ථාව සඳහා හේලීස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි මොහාන් පණ්ඩිතගේ, නෙදර්ලන්ත තානාපති Bonnie Horbach, නෙදර්ලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කෘෂිකර්මය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක නිශාන් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ මෙහෙයුම් උප ප්‍රධානී Katsuki Kotaro ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ විද්වතුන් රැසක් එක්ව සිටියහ.

මෙහිදී Regenagri සහතිකයෙන් පිදුම් ලැබීමට හල්ගොල්ල වතුයාය සමත් වූයේ පසෙහි සාරවත් බව සුරැකීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම වැනි තිරසර භාවිතයන් අනුගමනය කිරීම හේතුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division