වරලත් මූල්‍ය විශ්ලේෂකයින්ගේ ආයතනය (CFA) සංවිධානය කරන ප්‍රාග්ධන වෙළෙඳපොළ විශිෂ්ටතා සම්මාන උලෙළ ජුනි මස 18 වැනි දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 2012 වසරේ ආරම්භ කළ දේශීය ප්‍රාග්ධන වෙළෙඳපොළ විශිෂ්ටත්වය ඇගැයීමට ලක් කරන සුවිශේෂී සම්මාන උලෙළක් වන මෙහි 11 වන අදියර මේ වසරේ පැවැත්වෙනු ඇත.
රාජ්‍ය – පුද්ගලික සබඳතාවේ ශක්තිය තේමා කරගත් මෙවර සම්මාන උළෙල තුළින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය – පෞද්ගලික සහයෝගීතාවයන්හි වර්තමාන තත්ත්වය සහ ඒවායේ අනාගතය පිළිබඳ අවධානය යොමු කෙරේ. මේ සම්බන්ධයෙන් වරලත් මූල්‍ය විශ්ලේෂකයින්ගේ ආයතනයේ ශ්‍රී ලංකා සභාපති අරුණ පෙරේරා කියා සිටියේ,
“ආර්ථික අර්බුදය හේතුවෙන් දක්ෂතා සහිත වෘත්තිකයින් විශාල ප්‍රමාණයක් විදේශගත වීමෙන් ක්ෂේත්‍රය තුළ හැකියාවන්හි සුවිසල් පරතරයක් ඇති වී තිබෙනවා. ඒ නිසා නව පර්යේෂණවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙම ප්‍රාග්ධන විශිෂ්ටතා සම්මාන උලෙළ සුවිසල් කඩඉමක් සනිටුහන් කරනු ඇති…” බවය.