ප්‍රතිඵල නැවත සමීක්ෂණය ජුනි 05 සිට 19 දක්වා
2023 (2024) අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 269,613 කගෙන් 173,444 දෙනෙකු එනම් 64.33%ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර පවසයි.
මෙවර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට ගතව ඇත්තේ මාස 4 කටත් වඩා අඩු කාලයකි.
විභාගයට පෙනී සිටි පාසල් අයදුම්කරුවන් 229, 057 දෙනා අතරින් 151,343 ක් ද පෞද්ගලික අයැදුම් කරුවන් 40, 556 අතරින් 22,101 ක් මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත. විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයන් අතරින් මෙවර කාන්තා අපේක්ෂකයින්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි. කාන්තා අපේක්ෂකයන් 70.1%ක් ද පිරිමි අපේක්ෂකයින් 56%ක් ද මෙවර සුදුසුකම් ලබා ඇත.
මෙවර නිකුත් වු උසස් පෙළ ප්‍රතිඵල අතර විෂයන් 3 ටම A සාමාර්ථ ලබාගත් ප්‍රමාණය 3.9% ක් එනම් 10,484 දෙනෙකි. පසුගිය වසරේ එම ප්‍රමාණය 3.8% කි.
වසරට වඩා එම ප්‍රමාණය 580 කින් මෙවර වැඩිවී ඇත. වැඩිම A 3 සාමාර්ථ ලබාගෙන ඇත්තේ වාණිජ අංශයෙන් වන අතර ඒ ප්‍රමාණය 7.05% කි දෙවැනියට වැඩිම A3 කලා අංශයෙන් එනම් 4.64% ක් ද තෙවැනියට භෞතික විද්‍යා විෂය ධාරාවෙන් එනම් 4.12% ක් ලබාගෙන ඇත.
මෙවර නිකුත් වු උසස් පෙළ ප්‍රතිඵල අනුව විෂය ධාරා 6 අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වැඩියෙන්ම සුදුසුකම් ලබා ඇත්තේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන්ය. එය 76.21% විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබු අනිකුත් විෂය ධාරා පිළිවෙළ අතරින් දෙවැනි තැන වාණිජ අංශයෙන්ද (71.09%) තෙවැනියට කලා අංශයෙන්ද (69.51%) හතර වැනි ස්ථානයට ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන්ද (68.12%) පස්වැනි ස්ථානයට භෞතිය විද්‍යා විෂය ධාරාවෙන් (57.98%) හා අවසානයේ ජෛව විද්‍යා විෂය ධාරාවෙන් (57.71%) ලබාගෙන ඇත. විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන පරිදි මෙවර වැඩිම අපේක්ෂකයින් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ උතුරු පළාතෙනි. දෙවැනි තැන බස්නාහිර පළාත වන අතර තෙවැනි තැන නැඟෙනහිර පළාතට හිමි වී ඇත.
විෂයන් අසමත් පිරිස 10.04% ක් එනම් 27,970 කි. වැඩිපුරම අසමත් විෂය ධාරා 2 වන්නේ ජීව විද්‍යා හා භෞතික විද්‍යා ධාරාවන්ගෙන්ය. එය 16.63% කි. අඩුවෙන්ම අසමත් වී ඇත්තේ ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙනි. ජෛව විද්‍යා විෂය ධාරාවෙන් අසමත් ප්‍රමාණය 6161 ක් වන අතර භෞතික විද්‍යා විෂය ධාරාවෙන් 5130 ක් සියලු විෂයන් අසමත් වී ඇත.
ප්‍රතිඵල සඳහා, http://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ ජුනි 05 වැනිදා සිට 19 දින දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.