Home » නිපුණතා අංක 9 හිමි පෙම්වතකුට ගැළපෙන්නේම අංක 9 හිමි පෙම්වතියක්

නිපුණතා අංක 9 හිමි පෙම්වතකුට ගැළපෙන්නේම අංක 9 හිමි පෙම්වතියක්

by Mahesh Lakehouse
June 1, 2024 12:31 am 0 comment

– මෙවර නිපුණතා අංක 9ට අංක 6 – 7 – 8 – 9 හිමි අයගේ ගැළපීම
– දෙදෙනා තුළම සමාන ගති ලක්ෂණ දක්නට ලැබීම සුවිශේෂීය

මේ ලිපි පෙළින් ඔබව දැනුම්වත් කරන්නේ අංක විද්‍යානුකූලව ඔබගේ නිපුණතා අංකයට අනුව හොඳ සබඳතාවක් සඳහා වඩාත් ගැළපෙන සහකරුවා, සහකාරිය හෝ හවුල්කරුවා හඳුනාගන්නා ආකාරය පිළිබඳවය.

ඔබේ සහ ඔබ ගැළපීම බලන අයගේ නිපුණතා අංකය සොයාගන්නා ආකාරය නොදන්නා අයගේ දැනගැනීම සඳහා සැකෙවින් දක්වමි. මේ සඳහා ඔබගේ උපන් අවුරුද්ද, මාසය සහ දිනයට අදාළ සියලු අංක තනි අංකයක් වන ලෙස එකට එකතු කළ යුතුය. උදාහරණ ලෙස 1992-11-23 දින උපන් අයෙකුගේ නිපුණතා අංකය සොයමු. 1+9+9+2+1+1+2+3 = 28, 2+8 = 10, 1+0 = 1. මේ අනුව උදාහරණයෙන් පෙන්වන අයගේ නිපුණතා අංකය 1 වෙයි.

මේ ආකාරයට ඔබගේ සහ ඔබ ගැළපීම බලන අයගේද නිපුණතා අංක සකස් කරගන්න. ඔබගේ අංකයට එම අංක කෙතරම් දුරට ගැළපෙනවාද යන්න හඳුනා ගැනීමට පුළුවනි.

ඒ අනුව මෙවර ඒ ඒ අංකවලට නිපුණතා අංක 9 අයගේ ගැළපීම කෙසේද යන්න බලමු.

මෙම අංක දෙක අතර ගැළපීම ඉතාම යහපත් හොඳ ශක්තිමත් සබඳතාවයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙම අංක කොයි ආකාරයෙන් යෙදුනත් ගැටලුවක් නැත. අංක හයේ තිබෙන්නාවූ ගති ස්වභාවයන්වලට අංක නවයේ ගති ස්වභාවය මනාව සංකලනය වෙයි. බොහෝ විට දෙදෙනාගේම සමාන ගති ලක්ෂණ සහ අධ්‍යාත්මික බාහිර වශයෙන් යහපත් එකඟතාවයක් ඇති කරයි. සුළු සුළු මත ගැටුම් ඇතිවුණත් ඒවා පහසුවෙන් නිරාකරණය කරගැනීමට හැකියාව ඇත. දෙදෙනාගේම සිතැඟියාවන් මනාව තේරුම් ගැනීමේ හැකියාවක් මොවුන්ට ඇත. එම නිසා බොහෝ දේවල් කල් තියා හඳුනාගෙන සූදානම්ව කටයුතු කිරීමට හැකියාව ලැබෙන අතර හොඳ අවබෝධයකින් ශක්තිමත්ව සබඳතාවය පවත්වාගෙන යෑමේ හැකියාව ඇති කරයි.

•නිපුණතා අංක 9ට නිපුණතා අංක 7 අයගේ ගැළපීම

මෙවැනි අංක දෙකක් සහිත දෙදෙනකුගේ එකතුවීම ඉතා යහපත් සාමකාමී සාර්ථක සබඳතාවයක් ලෙස සඳහන් කළ හැකිය. අංක නවය හිමියන් අධ්‍යාත්මික එසේම මානව හිතවාදී ගති ලක්ෂණවලින් යුක්ත වන අතර අංක හත හිමියන් සාමකාමී කාල්පනික ගති ලක්ෂණවලින් යුක්ත වෙයි. මේ නිසා දෙදෙනාටම ඉතා සතුටින් සහයෝගයෙන් යුතුව එකිනෙකාට උදවු කර ගනිමින් දෙදෙනාගේ යුතු අයුතුකම් හොඳින් තේරුම් ගෙන කටයුතු කිරීමේ හැකියාව ඇති කරයි. දෙදෙනා තුළම ඉවසීමේ ගුණයත් සාමකාමී බවේ ලක්ෂණයත් හොඳින් ඇත.

මේ නිසා කුමන ප්‍රශ්න ගැටලු ඇති වුවද ඒවා ඉවසීමෙන් යුතුව විසඳාගෙන කටයුතු කිරීමේ හැකියාව ඇති කරයි. අංක නවය හිමි පුද්ගලයා තුළ යම් අඩුපාඩු ඇති කළත් ඒවා අංක හත හිමියාට පාලනය කිරීමේ හැකියාව ඇති කරයි. කෙසේ වෙතත් මොවුන්ගේ එකතුවීම සාමකාමී සතුටුදායක එකක් ලෙස සඳහන් කළ හැකිය.

•නිපුනතා අංක 9ට නිපුණතා අංක 8 අයගේ ගැළපීම

මෙවැනි දෙදෙනෙකුගේ සබඳතාවය ද යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑමේ හැකියාව ඇති කරයි. දෙදෙනාගේ අවබෝධය කැපවීම සහ අධිෂ්ඨානශීලී බව නිසා ජීවිතය තුළ යම් සාර්ථකත්වයක් උදාකර ගනී.

අංක අට පිරිමියාට අංක නවය ස්ත්‍රිය ද අංක නවය පිරිමියාට අංක අට ස්ත්‍රිය ද යන කුමන ආකාරයෙන් යෙදුණත් මෙහි ගැටලුවක් ඇති නොකරයි.

අංක අට පුද්ගලයා තම ආධිපත්‍යය පැතිරවීමට සහ බලය ධනය පිළිබඳව අධික ලෙස සිතා කටයුතු කරන අතර අංක නවය පුද්ගලයා සාමකාමී තැන්පත් ජීවිතයක් සහ අන් අයගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන ස්වභාවයන් ඇති තැනැත්තෙක් වෙයි. අංක අට පුද්ගලයාගේ දියුණු වීමේ බලවත් දැඩි ආසාවත් අධිෂ්ඨානශීලී බවත් අංක නවය පුද්ගලයාගේ ඉවසා දරා ගැනීම සහ අවබෝධය කාරුණික බව යන ගතිත් නිසා සබඳතාවය දිගුකාලීනව ශක්තිමත්ව පවත්වාගෙන යෑමට හැකියාව ඇති කරයි.

•නිපුණතා අංක 9ට නිපුණතා අංක 9 අයගේ ගැලපීම

මෙවැනි දෙදෙනකුගේ එකතුවීම ඉතා හොඳින්ම ගැළපෙන සබඳතාවයක් ලෙස සඳහන් කළ හැකිය. දෙදෙනා තුළම සමාන ගති ලක්ෂණ දක්නට ලැබෙන අතර දෙදෙනා තුළින්ම ආදරය දයාව සහ එකිනෙකාට සහාය වීම උපරිමයෙන් දැකිය හැකිය.

මොවුන් ඉවසීමෙන් කටයුතු කරන අතර අනෙකාට සමාව දීමේ ස්වභාවයෙන් යුක්ත වෙයි. අවංකව කටයුතු කිරීම මෙන්ම නම්‍යශීලී භාවයක් දෙදෙනා තුළම දැකිය හැකි වෙයි. අධ්‍යාත්මික සහ බාහිර වශයෙන් කායික මානසික යහපත් සබඳතාවයක් පවත්වාගෙන යෑමේ හැකියාව ඇති කරයි.

එමෙන්ම සමාජශීලී ගති ලක්ෂණ ඇති මොවුන් සමාජය තුළද යහපත් ආකාරයෙන් සබඳතා පවත්වා ගැනීමට සමත් වෙයි. ප්‍රීතිමත් විවාහ සබඳතාවයක් හෝ හවුල් සබඳතාවයක් පවත්වා ගැනීමට මොවුන්ට හැකියාව ලැබෙයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division