Home » සියලු අමනුෂ්‍ය දෝෂ දුරුකරන ස්කන්ධ කුමාර යන්ත්‍රරාජයා

සියලු අමනුෂ්‍ය දෝෂ දුරුකරන ස්කන්ධ කුමාර යන්ත්‍රරාජයා

by Mahesh Lakehouse
May 18, 2024 12:30 am 0 comment

– අපල විපත් දුරු කර ගැනීමට හොඳම ක්‍රමයක්
– 334 වාරයක් ජීවම් කර ගැනීමෙන් ප්‍රබල ප්‍රතිඵල
– කතරගම දිව්‍යරාජයාණන්ගේ ආශීර්වාදය නිබඳව ළඟාකර ගත හැකි යන්ත්‍රරාජයෙක්

සිළුමිණ “ඉසිවර” පාඨක පින්වත් ඔබ වෙත ලබා දෙන මෙම උතුම් ‘ස්කන්ධ කුමාර යන්ත්‍ර රාජයා’ කතරගම දිව්‍යරාජයාණන් කෙරෙහි අපමණ භක්තියෙන් කටයුතු කරන බැතිමතුන්ට අපමණ ආකර්ෂණය ළගා කර ගත හැකි කතරගම දිව්‍යරාජයානන්ගේ ආශිර්වාදය නිබඳව ළගා කරගෙන දියුණුවට මග සලසා ගත හැකි ආනුභාව සම්පන්න යන්ත්‍ර රාජයෙකි.

ඉරකට-ඉරක් නොකැපෙන ලෙස රන්, රිදී හෝ තඹ කොළයක ඉතා පවිත්‍රව මෙම යන්ත්‍රය අඟහරුවාදා හෝ සිකුරාදා දිනක රාහු කාලය මඟහැර මරුට පිටුපා ඇඳ ගත යුතුය මෙම යන්ත්‍ර රාජයා ජීවම් කරගැනීම සඳහා මල් ආසනය සකස් කර ගැනීමේ දී ආසනයට කෙසෙල් කොළයක් එලා, බුලත් කොළ 21 පිළිවෙළට තබා, කෙසෙල් ඇවරියක්, මුඩ්ඩ සහිත පොල් ගෙඩියක්, කහ සහ නිල්පාට මල් යහන මත අතුරා ගිතෙල් පහනක් දල්වා කපුරු සහ සුවඳ දුම් පුදා උතුරු දිශාව බලා වාඩිවී 324 වාරයක් ජීවම් කරගන්න. ඉන් අනතුරුව කතරගම දිව්‍යරාජයාණන්ට පින් දී රන්, රිදී හෝ තඹ සුරයකට දමා පැලඳගන්න. මෙම යන්ත්‍රයේ අනුභාවයෙන්ම මාරක විපත් දුරුවේ.

සියලු අමනුෂ්‍ය දෝෂ දුරුවන අතර දියුණුවට මග සැලසේ.

ඔබ කළ යුතු දේ කතරගම දිව්‍ය බලයෙන් ඔබටම අවබෝධ වෙයි. ඒ අනුව කටයුතු කිරීමෙන් ඔබ නොසිතූ දියුණුවක් කරා ගමන් කරයි. අපල විපත් දුරුවේ. ජීවිතයේ අපමණ ශක්තිය ලබාගත හැකියි. යන්ත්‍රය ජීවම් කිරීමේදී පන්සිල් සමාදන්ව තෙරුවන් වන්දනා කර, කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කර කතරගම දිව්‍යරාජයාණන්ට පින් දී ජීවම ආරම්භ කළ යුතුය.

වාරියපොළ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම 
රාජමහා විහාරාධිපති නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි (කොළඹගම පොඩි හාමුදුරුවෝ)

ජීවම් මන්ත්‍රය

ඕ හ්‍රීං ශත්‍රැ සංහාර සුභ්‍රමණියා
සර්ව දුෂ්ටා නයි නසි ස්වාභා

දිෂ්ටිය

ඕ ශක්ති ශක්ති වේල් වේල් ශිව ශක්ති මෙන්දා සර්ව ශත්‍රැ සංහාර සරවන භවනේ අසුර රෛයලිත්ත ආරුමුක මුරුගා තණ්ඩුව වේලුම් තාංකියේ වා වා කන්ඩදෝර් පේයුම් පිසාව මුනිකල් අයින්ඩ පේරන්ඩිය කන්ඩ තුන්ඩා සෙය් එල්ලා පිල්ලි සූනියම් එරි එරි පොඩි පඩ තාක්කු තාක්කු තනලා යෙරි යෙරි නෝකකු නෝකකු නොඩියිනිල් පොඩි පඩ තුෂ්ටරෛ පොඩි පඩ ඉෂ්ට වෛ කාක්ක වේලුම් දණ්ඩම් වර වර ස්වාහා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division