Home » ශ්‍රී ලාංකේය ව්‍යාපාරවල සයිබර් ආරක්ෂාවට ‘Kaspersky Next’

ශ්‍රී ලාංකේය ව්‍යාපාරවල සයිබර් ආරක්ෂාවට ‘Kaspersky Next’

by sachintha
May 18, 2024 12:33 am 0 comment

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයන්හි සුරක්ෂිතතාව වෙනුවෙන් සිය ප්‍රමුඛතම නව නිෂ්පාදන පෙළ වන ‘Kaspersky Next හඳුන්වා දීමට Kaspersky පසුගියදා කටයුතු කළේය. XDR (Extended Detection and Response) හි සුපැහැදිලි බව හා අතිප්‍රබල මෙවලම් සමඟින් EDR (Endpoint Detection and Response) හි වේගය හා විනිවිදභාවය එක් කළ ශක්තිමත් ආරක්ෂාවක් ව්‍යාපාර දත්ත වෙත සැපයීමට ඒ තුළින් හැකියාව උදා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Kaspersky හි අග්නිදිග ආසියාවේ සාමාන්‍යාධිකාරී Yeo Siang Tiong මහතා ” සයිබර් ආරක්ෂණ විසඳුම් සලසන්නකු ලෙස අප විසින් මේ හඳුන්වා දුන් අතිනවීන XDR විසඳුම වන Kaspersky Next තුළින් ශ්‍රී ලංකාවේ ඕනෑම පරිමාණයක ව්‍යාපාර හා සංවිධානයන් සඳහා සංකීර්ණ EDR සහ XDR විසඳුම් වඩාත් පහසුවෙන් ලබා දීමට අපට හැකියාව උදා වනවා.” යනුවෙන් පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division