Home » ලංකා බැංකුවේ ඌව පරණගම ශාඛාව නව නිවහනකට

ලංකා බැංකුවේ ඌව පරණගම ශාඛාව නව නිවහනකට

by sachintha
May 18, 2024 12:31 am 0 comment

බැංකුකරණයේ නව යුගයකට දොරටු විවර කරමින්, වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණින් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ ලංකා බැංකුවේ ඌව පරණගම ශාඛාව නව ගොඩනැඟිල්ලක ප්‍රතිස්ථාපනය කිරීම පසුගිය දා සිදු කෙරිණි.

මේ වෙනුවෙන් පැවැත්වූ උත්සවයට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් එන්. ජී. එම්. එස්. කුමාර, ලංකා බැලකුවේ නියෝජ්‍ය මහා කළමනාකාරිණී (උපකාරක ‍ෙස්වා) පුෂ්පා විජේසිංහ, සහකාර මහා කළමනාකරු (ඌව පළාත) අයි. කේ. නවරත්න, ඌව පරණගම ප්‍රාදේශීය කළමනාකරු කේ. චන්ද්‍රමෝහන් සහ ඌව පරණගම ශාඛා කළමනාකරු චතුරංග පරණවිතාන ඇතුළු ලංකා බැංකු කළමනාකාරීත්වය සහ ගනුදෙනුකරුවෝ රැසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division