– මේ හැම චරිතයක් තුළම සමාජයට ගත හැකි දෙයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ
– එයා වෛද්‍ය ශිෂ්‍යාවක් සාමාන්‍ය පවුලක හොඳ ගෑනු ළමයෙක්
ඔහු ආකර්ෂණීය රූ සපුවකින් යුත් කඩවසම් තරුණයෙකි. පෙනුමෙන් දඩබ්බරකමක් ගෑවිලාවත් නැත. ඒ ඔහුගේ සැබෑ තත්ත්වයයි. විටෙක ඔහු තමාට ඕනෑම දෙයක් කළ හැකිය යන මතයේම සිටින, දේශපාලන බලයෙන් හිස උදුම්මාගත් දඩබ්බර නියෝජ්‍ය ඇමැතිවරයෙකි. තවත් විටෙක ඔහු තම ආසාවන් පවා පරිත්‍යාග කරමින් රටේ අනාගතය ගැන හිතන ගොවි තරුණයෙකි. ස්වර්ණවාහිනී නාළිකාවේ සති අන්තයේ විකාශය වන සෙනාන් විමලවීරගේ ‘අළුපාට දේදුනු‘ ටෙලි නිර්මාණයේ ඩොක්ටර් ශාක්‍ය ලෙසින් මේ දිනවල ඔබ හමුවට එන ඔහු මනෝජ් දේවගේය.
මනෝජ් කිව්වම නොදන්න ඕනම කෙනෙක් ඔබව දන්නෙ කල්පන නමින්. කල්පනට ලැබෙන ප්‍රතිචාර තවමත් අඩුවෙලා නෑ නේද?
කල්පන කියන්නෙ අවුරුදු ගාණක්ම ජනප්‍රියත්වයේ වැජඹෙන චරිතයක්. දේශපාලන බලය අනිසි විදිහට පාවිච්චි කරන, අහිංසක මිනිස්සුන් තළා පෙළා දමන, තමන්ගෙ මතයටම වැඩකරන හරිම දඩබ්බර ඇමැති චරිතයක්. මොනවහරි ඕන වුණහම ඒක ලබා ගන්න කෑදරකමින් ඉන්න කපටි චරිතයක්. ඒක කළු චරිතයක් වුණත් හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. ‘ඔයා හොඳටම ඒක කරනවා‘ කියන අය වැඩියි. කල්පනගෙ වැඩවලට බණින පිරිසකුත් ඉන්නවා. ඒ හැබැයි චරිතයට. මේ වෙද්දි කල්පන ටිකක් තමන් ගැන ඇතුළතින් පසුතැවෙන්න පටන් අරන් කියලත් හිතෙනවා. මේ ගෙවන ජීවිතේ තේරුමක් තියේ ද කියල හිතන තැනට ඇවිත්. සාමාන්‍යයෙන් දේශපාලනඥයින්ට එහෙම හිතෙනව අඩුයිනේ. ඉදිරියෙදි ලැබෙන ප්‍රතිචාරත් වෙනස් වෙයි කියල හිතනවා.
මේ දිනවල කල්පනව පහුකරන් ගිහින් රේටින්ස්වල ඉහළින්ම ඉන්නෙ ඩොක්ටර් ශාක්‍ය නේද?
ඒක මට ලැබුණු වෙනස් චරිතයක්. මං ගොඩක් කැමැති චරිතයක්. අළුපාට දේදුනු ප්ලොට් එකත් වෙනස්. ශාක්‍ය – ප්‍රාර්ථනා කියන්නෙ කැම්පස් එකේ එකිනෙකාට ආදරෙයි කියල කෙළින්ම කියා නොගෙන හිත්වලින් බැඳුණු යුවළක්. ශාක්‍ය ප්‍රාර්ථනාට බොක්කෙන්ම ලව් කළත් කවදාවත් ඒක කෙළින්ම ප්‍රකාශ කරල නෑ. ප්‍රාර්ථනා වුණත් ආදරෙයි නොකියා ආදරේ කරනවා. ශාක්‍ය පොරොන්දුවක් වෙන්නවත් ප්‍රාර්ථනාගෙ අත අල්ලන්න දෙපාරක් හිතනවා. ගෙවල්වල ප්‍රශ්නත් එක්ක දෙන්නටම ඕන වුණේ උපාධිය අරන් ඉහළට යන්න. ශාක්‍ය මෙඩිසින්වලින් උසස් අධ්‍යාපනයට විදෙස්ගත වෙද්දි ප්‍රාර්ථනා වෙනත් පැත්තක ගිය නිසා ලංකාවෙ රැඳුණා. ශාක්‍ය වෛද්‍යවරයෙක් වෙලා එද්දි ප්‍රාර්ථනා ඉක්මන් තීරණයක් මත අයේෂ් එක්ක විවාහ වෙලා පුංචි දුවෙකුගෙ අම්මා කෙනෙක්. ඒත් එක්කම එදා වරා මලක් වගේ සැහැල්ලුවෙන් හිටිය ප්‍රාර්ථනා අද වගකීම්වලින් මිරිකෙන දරුවෙක් එක්ක තනිවුණු කාන්තාවක්. ශාක්‍ය ප්‍රාර්ථනාට වෙච්ච දේට වගකියන්න ඕන තමන් බව හිතමින් අද දුක්වෙනවා. එදා කෙළින්ම ආදරේ ප්‍රකාශ කරලා තීරණයක් ගත්ත නම් ප්‍රාර්ථනා අදටත් සතුටින් ඉන්නවා නේද කියන සිතුවිල්ල හැමවෙලේම ඔහුට වද දෙනවා. නිවැරැදි තැනදි නිවැරැදි තීරණ නොගැනීම වගේම ඉක්මන් තීරණ ගැනීමෙන් ප්‍රාර්ථනාගේ වගේ කඩා වැටිච්ච ජීවිත අද සමාජයේ ඕන තරම් තියෙනවා. විවාහ ජීවිතය තුළ එකිනෙකා වෙනුවෙන් කැපවීම් කරන්න වෙනවා. මේ හැම චරිතයක් තුළම සමාජයට ගත හැකි දෙයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ. ශාක්‍යගෙ චරිතයට ගොඩක් දෙනා කැමැතියි.
දඩබ්බර කල්පන එක්කම ඉඳලා ඩොක්ටර් ශාක්‍ය මනෝජ්ට අභියෝගයක් වුණේ නැද්ද?
‘අළුපාට දේදුනු’ අධ්‍යක්ෂ සෙනාන් විමලවීර කියන්නෙ නවක තරුණ අධ්‍යක්ෂවරයෙක්. ඔහු ස්ක්‍රිප්ට් එක කියවලා ඒ චරිතවලට අනුගත වෙන්න අපට සම්පූර්ණ නිදහස දුන්නා. වරදින තැනකදි විතරයි ඔහු මැදිහත් වුණේ. ශාක්‍ය කියන චරිතය අතරමැදදී සම්බන්ධ වුණත් ඒ චරිතයට ප්‍රමුඛ තැනක් දෙන්න නිතරම උත්සාහ කරල තියෙනවා. ශාක්‍යගේ චරිතයෙන් අධ්‍යක්ෂ සෙනාන් ගොඩක්දුරට මාව හැදුවා. වචන කතා කරද්දි චරිතයේ තියෙන ඉවසිලිවන්ත බව, ඩොක්ටර් කෙනෙකුගේ ඇපියරන්ස් හොඳට ඉස්මතු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඩොක්ටර් කෙනෙක් හදිසි තීරණ ගන්නෙ නෑ. එතකොට කතා කරන විලාසය, මොකක් හරි දෙයක් අල්ලන විදිහ, ඇවිදින විදිහ, අඳින පලඳින විදිහ මේ හැමදෙයක්ම සාමාන්‍ය කෙනෙකුට වඩා වෙනස්. මමම ඒව හදා ගත්තා. සාමාන්‍ය පුද්ගලයෙක් කඩේකට ගිහින් කනවා වගේ නෙවෙයි ඩොක්ටර් කෙනෙක් රෙස්ටුරන්ට් එකකින් කන එක වෙනස්. ඒ වගේම ගර්ල් කෙනෙක් හමුවෙන්න යද්දි වුණත් ගර්ල් එද්දි පොඩ්ඩක් නැඟිටලා එයාට ඉඳගන්න සලස්වලා එයාට රෙස්ට්පෙක්ට් කරන විදිහ. ඒ වගේ රූල්ස් දිගටම තියාගන්න ඕන. ස්ක්‍රිප්ට් රයිටර් ශාක්‍යව හරිම ලස්සනට ලියල තියෙනවා වගේම ඩිරෙක්ටර් සම්පූර්ණ නිදහස දුන්නා ඒ චරිතය ගොඩනඟාගන්න.
ශාක්‍යට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
කාන්තා පාර්ශ්වයෙන් ගොඩක් සජීවී ප්‍රතිචාර ලැබෙනවා. ඩොක්ටර් ශාක්‍යට අපි හරිම ආසයි. මේ ප්ලොට් එක හරිම ලස්සනයි. අපි හරිම ආසයි. මේ වගේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයෝ ශාක්‍යව කල්පනත් එක්ක සංසන්දනය කරලා ප්‍රතිචාර දක්වන්නත් පටන් අරන්.
මනෝජ් දැන් සැබෑ ජීවිතෙත් ආදරවන්තයෙක් කියල ආරංචියි. ඒ ආදරේ ගැනත් කියමු?
ඔව්. මං සැබෑ ජීවිතෙත් ආදරවන්තයෙක් වෙලා දැන්. අපි දෙගොල්ල ෆැමිලි ෆ්‍රෙන්ස්ලා. ඒ නිසා දෙපැත්තෙන්ම කැමැත්ත ලැබුණා. දැන් අවුරුදු හතරක විතර ඉඳන් අපි අපේ දේවල් ශෙයාර් කරගත්තා. එතැනදි අපි තේරුම් ගත්තා අපිට ඉදිරියට යන්න පුළුවන් කියලා. අපි තීරණයක් ගත්තා විවාහය දක්වා යනවා කියලා. තාම කාලවකවානුවක් නම් හිතල නැහැ. එයා වෛද්‍ය ශිෂ්‍යාවක්. සාමාන්‍ය පවුලක හොඳ ගෑනු ළමයෙක්. මං කොහොමත් ක්ෂේත්‍රයේ කෙනෙක්ට කැමැති නැහැ. එයා ශාක්‍ය කියන කැරැක්ටර් එකට ගොඩක් කැමැතියි. ඇයි අනේ ඔයා ඩොක්ටර් කෙනෙක් වුණේ නැත්තෙ කියලත් අහනවා.
නාමලී ගමගේ