Home » දකුණ සංචාරක ගමනාන්තයක් කරන Southern MICE Expo – 2024

දකුණ සංචාරක ගමනාන්තයක් කරන Southern MICE Expo – 2024

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

Southern MICE Expo ප්‍රදර්ශනය 2024 මැයි 27 දින සිට 31 දින දක්වා පැවැත්වේ. සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සමග එක් වී ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (Sri Lanka Convention Bureau – SLCB) විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනයේ අරමුණ වන්නේ දකුණු පළාත Meetings, Incentives, Conferences, Exhibitions and Events (MICE) කාණ්ඩයේ සංචාරක කටයුතු සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමයි.

ඉන්දියාව, චීනය, පාකිස්ථානය, ජර්මනිය, රුසියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, කටාර්, මැලේසියාව, ජපානය, ඉරානය සහ සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක් මීට සහභාගී වේ.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ දකුණු පළාත MICE සංචාරක ගමනාන්තයක් ලෙස ජනප්‍රිය කරවීම සඳහා සියලු පාර්ශ්වකරුවන් එක්තැන් කරමින්, ශ්‍රී ලංකාව තුළ සම කළ නොහැකි MICE අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා පදනමක් සැපයෙන වා. මෙමගින් රටේ ආර්ථිකයට සවිමත් අත්වැලක් හිමි වේවි.”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division