Home » පාස්කු වින්දිතයන්ට මිලියන 295ක වන්දි

පාස්කු වින්දිතයන්ට මිලියන 295ක වන්දි

by sachintha
April 20, 2024 12:37 am 0 comment

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත්වූ සහ තුවාල ලැබූ පුද්ගලයන් සහ හානියට පත් දේපළ වෙනුවෙන් රුපියල් මිලියන 295කට අධික මුදලක් (295,499,069.00ක්) වන්දි වශයෙන් ගෙවා ඇති බව හානි පූරණය සඳහා වන කාර්යාලයේ වාර්ෂික වාර්තාවලින් අනාවරණය වේ.

ඒ යටතේ මරණයට පත්වූ හා තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් රුපියල් 273,747,000ක් සහ හානියට පත් දේපළ වෙනුවෙන් රුපියල් 21,752,069ක් වන්දි ලෙස ගෙවා ඇත.

එම වන්දි ප්‍රදානය කර ඇත්තේ මරණයට පත් වූ හා සදාකාලික දුබලතාවයට පත් වූ අයකු සඳහා රුපියල් මිලියනයක්, වෛද්‍ය වාර්තාවේ සඳහන් ආකාරයට තාවකාලික හා සදාකාලික දුබලතාවයෙහි ප්‍රතිශතය මත පදනම්ව උපරිමය රුපියල් 500,000ක්, හානියට පත් වූ දේපළ සඳහා රජයේ ප්‍රධාන තක්සේරු නිලධාරියාගේ තක්සේරු කිරීමෙන් අනතුරුව උපරිමය රු. 5,000,000 දක්වා මුදලකට යටත්වය.

මරණයට පත්වූ හා තුවාල ලැබූ පුද්ගලයන් 719 දෙනකුට මේ යටතේ සඳහා වන්දි ප්‍රදානය කර ඇත.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division