Home » ESOFT කළුතර ශාඛාවේ සිසුන් කළුතර බාලිකා සිසුවියන් සඳහා පැවැත්වූ අධ්‍යාපනික වැඩමුළුව සාර්ථකව නිමවේ

ESOFT කළුතර ශාඛාවේ සිසුන් කළුතර බාලිකා සිසුවියන් සඳහා පැවැත්වූ අධ්‍යාපනික වැඩමුළුව සාර්ථකව නිමවේ

by sachintha
April 20, 2024 12:48 am 0 comment

ESOFT කළුතර ශාඛාවේ තොරතුරු තාක්ෂණ උසස් ජාතික ඩිප්ලෝමාව හදාරන සිසුන්ගේ NS-04 කණ්ඩායම විසින් කළුතර බාලිකා විද්‍යාලයේ සිසුවියන් සඳහා පවත්වන ලද අධ්‍යාපනික වැඩමුළුව ඉතා සාර්ථක අයුරින් පසුගිය මාර්තු 25 වැනි දින කළුතර නගර සභා පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා කළුතර බාලිකා විද්‍යාලයේ 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුවියන් 150 දෙනෙක් සහභාගී වූ අතර, මෙහි මූලික පරමාර්ථය වූයේ එම සිසුනගේ තොරතුරු තාක්ෂණ දැනුම හා මෘදු කුසලතාවන් වර්ධනය කිරීමයි. ESOFT ශාඛාවේ HND පාඨමාලාවේ එක් මොඩියුලයක් වන “Professional Practice” හි කොටසක් ලෙස සිසුන් ක්‍රියාත්මක කළ මෙම අධ්‍යාපනික වැඩසටහන VR Show, Quiz Competition, Arduino Show, Hardware Show, හා Soft Skills Development Games ලෙස අංග පහකින් සමන්විත විය.

සහභාගි වූ පාසල් ශිෂ්‍යාවන්ට නවමු අත්දැකීමක් වූ මෙම වැඩසටහන සඳහා ඉතා විනෝදයෙන් හා උද්‍යෝගිමත්ව ඔවුන් ෙම් සඳහා සහභාගී වීම කැපී පෙනෙන කරුණක් විය. HND සිසුනට අමතරව ඔවුන්ගේ ගුරු මඬුල්ල සමඟ හරවත් සංවාදයක යෙදීමට ද මෙහිදී එම සිසුවියනට අවස්ථාව ලැබුණි.

දැයේ සිසු දරුවන්ගේ නිපුණතා සහ තොරතුරු තාක්ෂණ හැකියාවන් වර්ධනය කිරීම සඳහා ESOFT Metro College කළුතර ශාඛාව සෑම වසරකම මෙවැනි වැඩසටහන් පවත්වන අතර මෙවර වැඩසටහන පසුගිය වැඩසටහන් වලට වඩා නිර්මාණශීලී හා වෙනස් මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට සිසුන් උත්සාහ දරා තිබීම කැපී පෙනිණි.

වැඩමුළු අතරතුර පැවති තරගවලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහිකාවන්ට සහතිකපත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට කළුතර බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය තුශිනි වීරකෝන් මහත්මිය, එම විද්‍යාලයේ උප විදුහල්පති ජයන්ත කුමාර මහතා, කළුතර ESOFT Metro College හි ශාඛා අධ්‍යක්ෂක කෝසල ඕවිටිගල මහතා, එම ආයතනයේ ශාඛා කළමණාකාරීනී ගගනි තිලකරත්න මහත්මිය හා යොවුන් පරපුරේ ජනප්‍රිය නළු තිශාක්‍ය කුමාරතුංග මහතා අරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ අතර කළුතර බාලිකා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන් පිරිසක් මෙන්ම ESOFT කලුතර ශාඛාවේ කථිකාචාර්යවරුන් ද මෙම අවස්ථාවට එක් වූහ.

ඉතා සාර්ථකව පැවැත්වූ මෙම වැඩමුළුව අවසානයේ, HND, NS-04 සිසු කණ්ඩායමේ සාර්ථක සංවිධානය මෙන්ම ඔවුන්ගේ කැපවීම, මෙම අවස්ථාවට එක් වූ සිසුවියන් හා අනෙකුත් අයගේද මහඟු ප්‍රශංසාවට ලක් විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division