Home » පළාත් පාලන ආයතනවලට සහන පොලියට ණය

පළාත් පාලන ආයතනවලට සහන පොලියට ණය

by sachintha
April 20, 2024 2:37 am 0 comment

සියලුම පළාත් පාලන ආයතන විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා සහන පොලී අනුපාත යටතේ සහ සහන කොන්දේසි යටතේ ණය ලබා දීමට දේශීය ණය සංවර්ධන මණ්ඩලයේ කොමසාරිස් මණ්ඩලය විසින් තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි සියලු පළාත් පාලන ආයතන විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙසේ ණය ලබා දීමට කටයුතු කෙරේ.

එසේ ණය මුදල් ලබා දීමට තීරණය කර ඇත්තේ ජාතික වශයෙන් වැදගත් වන සංවර්ධන ව්‍යාපෘති ක්ෂේත්‍ර 3ක් වෙනුවෙනි. ඒ අතර පුනර්ජීව බල ශක්ති නිෂ්පාදන ව්‍යාපෘති, ආදාහනාගාර ව්‍යාපෘති සහ ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිවලටය. රට තුළ පළාත් පාලන ආයතනවලින් ව්‍යාපෘති යෝජනා 55ක් ලැබී ඇති අතර, එම ව්‍යාපෘති සම්බන්ධව සහ අයදුම්පත් සකස් කිරීම සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරියක් ජාතික පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය (නර්ඩ්) සහ ජාතික පුස්තකාල අධිකාරිය යන ආයතනවලින් අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගෙන එම ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා කටයුතු කෙරේ.

මැද කොළඹ සමූහ ඒ. ගනේගොඩ

You may also like

Leave a Comment