Home » SLIC රු. බි. 10.6ක දැවැන්ත පෙරබදු ලාභයක් වාර්තා කරයි

SLIC රු. බි. 10.6ක දැවැන්ත පෙරබදු ලාභයක් වාර්තා කරයි

by gayan
April 20, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2013 වසර සඳහා රු.බි.10.6ක පෙර බදු ලාභයක් සහ රු.බි. 44.2ක ඒකාබද්ධ රක්ෂණ වාරික ආදායම් අගයක් වාර්තා කරයි. මෙය 7% ක සමස්ත වර්ධනයකි. 2023 දෙසැම්බර් 31 වැනි දිනට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි ජීවිත රක්ෂණ වාරික ආදායම රු.බි. 21ක් සහ සාමාන්‍ය රක්ෂණ වාරික ආදායම රු.බී. 23.4 ක් ලෙස වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරි චන්දන එල්. අලුත්ගම ප්‍රකාශ කළේ, “ආයතනය ලබා ගත් සියලුම මූල්‍ය සහ මූල්‍ය නොවන ජයග්‍රහණවලින් පිළිබිඹු වන්නේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ උනන්දුවයි. එසේම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලෙස නව ගමනක් ආරම්භ කිරීමට ආයතන දෙකම සූදානම්…” බවයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති, ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා පැවසුවේ, පසුගිය වසර තුළ අභියෝග ජය ගනිමින් ශක්තිමත් සහ ලාභදායී ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ශක්තිය තහවුරු කරගෙන ඇති බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division