Home » AIA ඉන්ෂුවරන්ස්, කොමර්ෂල් බැංකුව සමඟින් ඓතිහාසික සහයෝගීතාවයකට එළැඹීම අති උත්කර්ෂවත් උළෙලක දී අභිමානයෙන් සමරයි

AIA ඉන්ෂුවරන්ස්, කොමර්ෂල් බැංකුව සමඟින් ඓතිහාසික සහයෝගීතාවයකට එළැඹීම අති උත්කර්ෂවත් උළෙලක දී අභිමානයෙන් සමරයි

by gayan
April 20, 2024 6:00 am 0 comment

ඓතිහාසික සහයෝගීතාවයකට එළැඹී AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව ඔවුනගේ නිත්‍ය බැංකු රක්ෂණ හවුල්කාරීත්වය නිල වශයෙන් දියත් කරමින්, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මූල්‍ය සුරක්ෂිතතාවය සහ අසමසම සේවාවන්හි නව යුගයක් සනිටුහන් කරන ලදී.

ආයතන දෙකේම සම්භාවනීය අමුත්තන්, ගෞරවනීය ගනුදෙනුකරුවන් මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති (BOI)  සහ පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවේ සභාපති (Port City Economic Commission), ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්‍යක්ෂක ජෙනරාල් (IRCSL)  ඇතුළු කැපී පෙනෙන සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන්, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී නොබෝදා, ඩිජිටල්කරණය භාවිතා කරමින් සිදුකරන ලද උත්කර්ෂවත් දියත් කිරීමේ උත්සවයක් මධ්‍යයේ මෙම හවුල්කාරිත්වය එළිදක්වන ලදී.

මෙම උත්සවයේ දී redefining synergy’  (‘සහයෝගය යළි නිර්වචනය කිරීම’) යන තේමාව විදහා දක්වමින්, පෙර නොවූ විරූ ලෙස ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීම සඳහා වසර සියයකට වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ ආයතනික දැවැන්තයින් දෙදෙනෙකු අතර සුසංයෝගයෙන් ඇරඹි සහයෝගීතාවය ඉස්මතු කරන ලදී.

AIA ඉන්ෂුවරන්ස් සහ කොමර්ෂල් බැංකුව අතර මෙම සුවිශේෂී බැංකු රක්ෂණ හවුල්කාරිත්වය දියත් කිරීමේ උත්සවය ඔස්සේ මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුල සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. එපමණක් නොව, සහයෝගීතාවය, නවෝත්පාදන සහ අසමසම පාරිභෝගික සේවාව මගින් නිර්වචනය කරන ලද අනාගතයක් සඳහා වේදිකාව ද සකසන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division