Home » ළමා නිවාසවල දරුවන්ට අවුරුදු තෑගි පාර්සලයක්

ළමා නිවාසවල දරුවන්ට අවුරුදු තෑගි පාර්සලයක්

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

රජයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැඳී සිටින දරුවන් දස දහසකට ආසන්න සංඛ්‍යාවකට අලුත් අවුරුදු තෑගි ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව “ළමා නිවාසවල සිටින දරුවන්ටත් අවුරුදු” තේමාව යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336 ක සිටින දරුවන්ට ලබන 13 දා මෙලෙස අවුරුදු තෑගි පැකැට්ටුවක් හිමිවීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කාලයක් තිස්සේ නුවරඑළිය ප්‍රදේශයේ ළමා නිවාසවල දරුවන්ට අවුරුද්දට තෑගි ලබා දෙන නමුත් එම වැඩපිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කරමින් රටේම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන්ට මෙලෙස අවුරුදු තෑගි ලබාදීමට උපදෙස් දී තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ නියමය මත යුදහමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ අධීක්ෂණයෙන් පෞද්ගලික අංශයේ උපකාරයෙන් මෙම තෑගි මල්ල යුද හමුදා නිලධාරීන්ගේ සම්බන්ධිකරණයෙන් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන් වෙත ලබා දෙනු ඇත.

ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන් 8721 ක් සිටින අතර දෘශ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත දරුවන් වෙත ඉතිරි කොටස බෙදා දීමට නියමිතය.

එල්. පී. සුරංග

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division