Home » පොහොට්ටු අය ආවෙ පක්ෂය ගැන කලකිරිලා 

පොහොට්ටු අය ආවෙ පක්ෂය ගැන කලකිරිලා 

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක

by Mahesh Lakehouse
April 13, 2024 12:32 am 0 comment
රසික කොටුදුරගේ

ආණ්ඩුවේ ගමන් මඟ නිවැරැදි නොවන නිසා පොහොට්ටුවේ පිරිසක් සමඟි ජන බලවේගය වටා එක් වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.

‘‘ ඔවුන් අප සමඟ එකතු වීමට පෙර කුමන පක්ෂයක ප්‍රතිපත්තියක් නියෝජනය කළත් අද ඔවුන් අපේ ප්‍රතිපත්ති නිවැරදියි කියන ස්ථාවරයේ ඉඳගෙන අපේ පක්ෂය සමඟ කටයුතු කරන්න ගිවිසගෙන තිබෙනවා. ඒ එන අයගෙන් කාවද ගන්නේ, කාවද නොගන්නේ කියන සම්පූර්ණ බලය හා වගකීම පක්ෂයේ නායකතුමාටයි තියෙන්නෙ.

පොහොට්ටුවේ වර්තමාන ගමන් මඟ විවේචනය කරමින් එහි තවදුරටත් හිතට එකඟව කටයුතු කිරීමට නොහැකි කිහිප දෙනෙක් තමයි අප සමඟ එකතු වුණේ. පොහොට්ටු පක්ෂය සමඟ එකතු වී ආණ්ඩුවක් කරන එකයි ඒකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනසවත් තේරුම් ගන්න බැරි උදවිය තමයි අද අපට චෝදනා එල්ල කරන්නේ.‘‘

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division