– 20 වැනි රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ සම්මාන 22කින් පිදුම් ලැබූ ස්වාධීන රූපවාහිනී නාළිකාව
– වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය එයා දැන් බැඳලා
– වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ප්‍රසන්න ජයකොඩි
– වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයේ සේමිණී ඉද්දමල්ගොඩ
– වසරේ විශිෂ්ටතම නැඟී එන ටෙලි නාට්‍ය නළුවා කොඩිගහ යට ටෙලි නාට්‍යයේ නලින් ලුසේනා
පසුගිය 30 වැනිදා කොළඹ ෂැන්ග්‍රීලා හෝටල් පරිශ්‍රයේ පැවැති 20 වැනි රයිගම් ටෙලි සම්මාන උලෙළේ දී 2023 වසරේ විකාශය වූ ටෙලි නිර්මාණ උදෙසා වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය, විශිෂ්ටතම අධ්‍යක්ෂණය, හොඳම නළුවා/නිළිය, හොඳම සහාය නළුවා/නිළිය, නැඟී එන නළුවා/නිළිය ඇතුළු සම්මාන 22ක් හිමිකර ගනිමින් වසරේ සම්මානනීය නාළිකාව මෙන්ම වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාළිකාව බවට පත්වූයේ ස්වාධීන රූපවාහිනී නාළිකාවයි. තමන්ට තමන්ම අභියෝගයක් කරගනිමින් එහි තරගකාරී අංශයන්හි සමස්ත ජයග්‍රහණය තමා සන්තක කරගත්තේ මාධ්‍ය වැඩසටහන් අංශයේ සම්මාන 3ක් ද සමඟිනි. රයිගම් ටෙලීස් සම්මාන උලෙළක මෙතෙක් හිමිකර ගත් වැඩිම සම්මාන ප්‍රමාණය හිමිකර ගැනීම පිළිබඳව ස්වාධීන රූපවාහිනී නාළිකා ප්‍රධානී සුදර්ශන ගුණවර්ධන අප හා පැවැසුවේ මෙවන් අදහසකි.
“මෙවර රයිගම් ටෙලීස් සම්මාන උලෙළේදී සම්මාන 22ක් හිමිකර ගනිමින් රයිගම් ටෙලීස් සම්මාන උලෙළක මෙතෙක් හිමිකරගත් ඉහළම සම්මාන ප්‍රමාණය හිමිකර ගන්න අපට හැකියාව ලැබුණා. ටෙලි නාට්‍ය අංශය සහ මාධ්‍ය වැඩසටහන් අංශය ලෙස ප්‍රධාන කුලක දෙකක් ඔස්සේ සම්මාන පිරිනමනු ලැබුවා. එහිදී ටෙලි නාට්‍ය අංශයේ සම්මාන රැසක් දිනාගනිමින් අපි “වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාළිකාව“ බවට පත්වුණා. ඒ වගේම මාධ්‍ය වැඩසටහන් අංශයේ සම්මාන 3ක් හිමිකර ගැනීමත් එක්ක සමස්ත සම්මාන සංඛ්‍යාව සලකා බැලීමේදී අපි “වසරේ සම්මානනීය නාළිකාව“ බවටත් පත්වුණා.
සාමාන්‍යයෙන් ස්වාධීන රූපවාහිනී නාළිකාවට විශිෂ්ටතා සම්මාන ලැබෙනවා. මෑතකාලීනව ලැබෙන සම්මාන ප්‍රමාණය ඉහළ යමින් තිබීම විශේෂත්වයක්. බොහෝ අවස්ථාවල අපිමයි අපිට අභියෝගයක් වුණේ. හොඳම උදාහරණය තමයි 2023 වසරේ එක් අංශයක නිර්දේශිත නාමයන් තුනම තිබුණෙ අපේ නාළිකාවෙන්. එහෙම බලද්දි තරගය තියෙන්නෙ අපේම නාළිකාවේ විකාශය වෙන ටෙලි නාට්‍ය අතර. එයට හේතුව අපි විශිෂ්ට ගණයේ එක් ටෙලි නාට්‍යයකට පමණක් සීමා නොවී දිගින් දිගටම හොඳම තත්ත්වයේ ටෙලි නාට්‍ය විකාශය කර තිබීමයි. ඊට අමතරව අපි ජනප්‍රිය කැටගරිය තුළත් ඉදිරියට ඇවිත් තිබුණා. ජනප්‍රියම ටෙලි නාට්‍යය වුණෙත් ස්වාධීන රූපවාහිනී නාළිකාවෙ රාත්‍රී 7.25 ට විකාශය වුණු ජානු ටෙලි නාට්‍යය. ඊට අමතරව රයිගම් සමූහ ව්‍යාපාරය විසින් ප්‍රේක්ෂකයන් 30,000ක් යොදාගෙන කළ සමීක්ෂණකයට අනුව වඩාත් ජනගත ටෙලි නාට්‍යය කියන කැටගරිය යටතේ අපි දෙවැනි තැනට ඇවිත් තිබුණා. ජානු ටෙලි නාට්‍යයට අනු සම්මානය ලැබුණා. වඩාත්ම ජනගත නාළිකා 5 අතරේත් අපි රැඳී ඉන්නවා. මේක විශිෂ්ටත්වයයි ජනප්‍රියත්වයයි දෙකම එක්තැන් වුණු අවස්ථාවක්. ඒ දෙපැත්තෙන්ම අපි ඉදිරියෙන් ඉන්නවා.“
මෙවර සම්මාන උලෙළ ස්වාධීන රූපවාහිනී නාළිකා ඉතිහාසයේ රනින් සටහන් වන බව පැවැසූ හෙතෙම එහි සම්පූර්ණ ගෞරවය සහ ස්තුතිය රයිගම් සමූහ ව්‍යාපාරයට අයිති විය යුතු බව ද පැවසීය.
“ටෙලි නාට්‍ය සහ මාධ්‍ය වැඩසටහන් වගේම ඒවා විකාශය කරන නාළිකා අගය කරමින් මෙවැනි විශිෂ්ට සම්මාන උලෙළක් පැවැත්වීම වගේම හොඳ විනිශ්චය මණ්ඩලයක් යොදාගෙන විශාල වශයෙන් ප්‍රචාරක කටයුතුවල යෙදෙමින් රටේම අවධානය දිනාගනිමින් මෙවන් සම්මාන උලෙළක් පැවැත්වීම සම්බන්ධයෙන් රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතාට වගේම එහි කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය පුද කළ යුතුයි. මෙවන් ප්‍රමිතිගත සම්මාන උලෙළකින් සම්මානයක් ලැබෙනව කියන්නෙත් ගෞරවයක්.
මෙම සම්මානයේ වටිනාකම වැඩිවෙන්න තවත් හේතුවක් තිබුණා. රූපවාහිනී නාළිකාවක් විදිහට අපේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නෙ වෙළෙඳ දැන්වීම්. වෙළෙඳ දැන්වීම් අඩුවෙලා තිබුණු, රටේ ආර්ථිකය කඩාවැටුණු අමාරුම කාලෙක තමයි මේ ටෙලි නාට්‍ය විකාශය කරන්න හැකියාව ලැබුණේ. ඒ අපේ ආයතනයේ සාමාන්‍යාධිකාරිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ නිසා. අනෙක් විශේෂ කරුණ තමයි අපිව විශ්වාස කරල අපිට ටෙලි නිර්මාණ ලබාදුන් බාහිර නිෂ්පාදකයන්. අපි කළේ ඔවුන්ගෙන් ඒවා මිලදී ගෙන විකාශය කිරීම. අපි ගැන විශ්වාසය තියල අපිත් එක්ක මේ නාට්‍ය ඉදිරිපත් කළ සියලුම නිෂ්පාදකවරුන් සහ කලා ශිල්පීන්ටත් ස්තුතිය පුද කළ යුතුයි. ඒ වගේම මෙවර සම්මාන 10ක් ලබාගත් ප්‍රසන්න ජයකොඩිගේ “එයා දැන් බැඳලා“ ටෙලි නාට්‍ය වගේම සුමති සම්මාන උලෙළේ වැඩිම සම්මාන ගණනක් දිනාගත් ජගත් මනුවර්ණගේ “කොඩිගහ යට“ ටෙලි නාට්‍යයත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ටෙලි නාට්‍ය බව කිව යුතුයි. අපිට මේ වගේ අවස්ථාවක් ලබාදීම පිළිබඳ ඒ අයටත් ස්තුතිවන්ත වෙනවා.
අපි මිලදී ගන්නා ටෙලි නාට්‍ය විකාශය කරන්න යම්කිසි වියදමක් දැරුවත් ප්‍රේක්ෂකයන් වෙත එය ලබාදෙන්නේ නොමිලේ. වෙනත් මාධ්‍යයක් ගත්තොත් සාමාන්‍යයෙන් නිෂ්පාදනයක් කරලා අලෙවි කිරීමෙන් යම්කිසි මුදලක් උපයනවා. ඒත් අපේ නිෂ්පාදනය අපි දෙන්නේ නොමිලේ. එතැනදී අපි සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ අප ගැන විශ්වාසය තියලා අනුග්‍රාහකත්වය ලබාදෙන වෙළෙඳ දැන්වීම් මත. අප ගැන විශ්වාසය තැබූ අනුග්‍රාහක වෙළෙඳ දැන්වීම් ආයතනත් මෙහිදී සිහිපත් කළ යුතුයි. ඒ අයගේ දායකත්වය නොතිබුණා නම් අපේ ආයතනය පවත්වාගෙන යන්නත් මේ වගේ සම්මාන ගන්න මට්ටමේ නිර්මාණ බිහි නොවෙන්නත් ඉඩ තිබුණා.“
මෙවන් සම්මාන ලැබීමට විකාශය කළ යුතු හොඳ මට්ටමේ ටෙලි නිර්මාණ තෝරාගැනීමේ ක්‍රමවේදය ගැනත් ඔහු මෙලෙස පැහැදිලි කළේය.
“අප මිලදී ගන්නා ටෙලි නිර්මාණ බාහිර විද්වතුන්ගෙන් සමන්විත සමීක්ෂණ මණ්ඩලයකගේ අධීක්ෂණයට පත්වෙනවා. ඒවා තාක්ෂණික වශයෙන් සහ අනෙකුත් පැතිවලින් විකාශය කිරීමට සුදුසු ද කියන එක එතැනදි පරීක්ෂා වෙනවා. සමහර අවස්ථා තියෙනවා විකාශයට සුදුසු යැයි සහතික කළත් වෙළෙඳපොළ තත්ත්වය පරික්ෂා කිරීමේදී මේ අවස්ථවේ මේක විකාශය කරන්න පුළුවන් ද කියල හිතන්න වෙන. මිල සම්බන්ධයෙන් වගේම අනුග්‍රාහකයන්ගේ දායකත්වය ලබාගන්න පුළුවන් ද කියලත් සැලකීමට ලක්වෙනවා. ඊටත් අමතරව හැම නාට්‍යයක්ම ඩිජිටල් අවකාශයේ විකාශය වන නිසා ඒවාට මොනවගේ ප්‍රතිචාර ලැබේවි ද යන්න ගැනත් අභ්‍යන්තර වශයෙන් ඇගැයීමක් කරල තමයි ටෙලි නාට්‍යක් විකාශය කරන්නේ. ටෙලි නාට්‍යවල විවිධත්වය වගේම තරගකාරී අනෙක් නාළිකාවල ඒ වෙලාවට යන්නෙ මොන වගේ නිර්මාණ ද යන්න ගැනත් සැලකිලිමත් වෙනවා. මෙන්න මේ වගේ සංකීර්ණ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදිහට තමයි හොඳ ටෙලි නිර්මාණයක් ප්‍රේක්ෂකයා වෙත ලැබෙන්නේ.
ඒ වගේම මේ දේත් කිවයුතුයි. කලාකරුවෙක් විදිහට ජනමාධ්‍ය ඇමැතිතුමා මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයෙන් ස්වාධීනව වැඩකරන්න අපට අවශ්‍ය නිදහස ලබාදීල තියෙන නිසා තමයි අපිට මේ වගේ මට්ටමකට එන්න හැකියාව ලැබිලා තියෙන්නේ. රාජ්‍ය ආයතනයක් වුවත් රජයේ ඇඟිලිගැසීමකින් තොරව කටයුතු කරන්න අවස්ථාව ලබාදීම ගැන ජනාධිපතිතුමාටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා.