Home » බක් මහ උලෙළ

බක් මහ උලෙළ

by Mahesh Lakehouse
April 6, 2024 12:28 am 0 comment

නිට්ටඹුව

නිට්ටඹුව නව එක්සත් වෙළෙඳ සංගමය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව හා නිට්ටඹුව පොලිසිය එක්ව පවත්වනු ලබන සිංහල හින්දු අලුත් අවුරුදු උලෙළ 18 වෙනිදා නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහිදී DJ සංගීත ප්‍රසංගයක් හා Food Festival පැවැත්වේ. අත්තනගල්ල ආසනය සඳහා විවෘත වන මෙම බක්මහ උලෙළට සියලුම ප්‍රදේශවාසීන්ට සහභාගි විය හැකිය.

නයිවල

වේයන්ගොඩ නයිවල ශ්‍රී ධම්මරතන බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත කුඹුක්කඳන්වල ධම්මරතන නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් නයිවල ශ්‍රී ධම්මරතන දහම් පාසල හා Buddhist center අධ්‍යාපන ආයතනය ඒකාබද්ධව වාර්ෂිකව පවත්වනු ලබන මහා බක්මහ උලෙළ අප්‍රේල් මස 07 උදෑසන 7.00 සිට විහාරස්ථාන භූමියේදී දවස පුරා පැවැත්වේ.

You may also like

Leave a Comment