Home » රාජ්‍ය නාට්‍ය උලෙළ – 2023 නිර්මාණ කැඳවීම

රාජ්‍ය නාට්‍ය උලෙළ – 2023 නිර්මාණ කැඳවීම

by Mahesh Lakehouse
April 6, 2024 12:28 am 0 comment

බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරන රාජ්‍ය දිගු නාට්‍ය උලෙළ හා රාජ්‍ය කෙටි නාට්‍ය උලෙළ – 2023 සඳහා සිංහල, දෙමළ යන භාෂාද්වයෙන් අයැදුම්පත් කැඳවනු ලැබේ.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අයදුම්පත නිසිපරිදි සම්පූර්ණ කර පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාරදිය යුතුය. ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවර රාජ්‍ය නාට්‍ය උලෙළ – 2023 යනුවෙන් සඳහන් කර 2024.04.10 දින ප.ව 4.00ට පෙර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය වෙත භාරදීමට කටයුතු කළ යුතු වේ.

අදාළ අයදුම්පත රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය, 8වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයෙන් ලබා ගත හැකිය. මිට අමතරව දිවයින පුරා ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ Department of Cultural Affairs මුහුණු පොතෙන් හා culturaldept.gov.lk යන අන්තර්ජාල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division