CIC Holdings PLC ශ්‍රී ලංකාවේ හෙට දවසේ පාරිසරික නායකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් Planet Green Force (PGF) සහ UNESCO සමඟ හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය.
පසුගියදා කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වූ මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවයේදී ‘Seeds of Security’ වැඩසටහන සඳහා දායකත්වය දීමට CIC කටයුතු කළේය. Planet Green Force සංකල්පයේ තවත් පියවරක් ලෙස ඉදිරියට ගෙන යන මෙම වැඩසටහනෙන් අවධානය යොමු කරනු ලැබුවේ සිසුන්ට අවශ්‍ය දැනුම හා හැකියාව ලබාදීම, ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ අභියෝගයන් වෙත මුහුණ දීම සඳහා ඔවුන් සූදානම් කිරීම හා ලෝකයේ වෙනස් වෙමින් පවතින දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම කෙරෙහිය.
CIC Holdings සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ ඇතුළු ඉහළ කළමනාකාරීත්වය, Planet Green Force නිර්මාතෘ හරිත් වික්‍රම, ආනන්ද විද්‍යාලයීය විදුහල්පති ඩී.එම්.පී.එල්. දිසානායක යන මහත්වරු සහ ගුරු සිසු පිරිසක් මීට එක්වූහ.