යුනියන් බැංකුව සිය පරිවර්තනීය සන්නාම ගමනේ කොටසක් ලෙස මෑතකදී පැවති උත්සවයකදී නව ලාංඡනයක් එළිදක්වන ලදි. CG Corp Global සමූහයේ සභාපති ආචාර්ය බිනෝද් චෞද්රි මහතා විසින් නව ලාංඡනය එළිදැක්වූ අතර, මෙම අවස්ථාවට යුනියන් බැංකුවේ සභාපති නිර්වාණ චෞද්රි, යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රොද්‍රිගො යන මහත්වරු එක් විය.
නව ලාංඡනය මඟින් යුනියන් බැංකුව CG Corp Global සමුහය සමඟ ඇති ශක්තිමත් හවුල්කාරිත්වය සහ ප්‍රගතිශීලී මූල්‍ය සේවා හවුල්කරුවකු ලෙස එහි පාරිභෝගික සබඳතා සහ ඩිජිටල් පරිවර්තනය ප්‍රතිරාවය කරයි.