Home » රජයේ සියලු ගුරුවරුන්ට උපාධියක්

රජයේ සියලු ගුරුවරුන්ට උපාධියක්

ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය ජූනි මස ඇරේ

by Mahesh Lakehouse
March 30, 2024 12:42 am 0 comment

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2033 වන විට රජයේ පාසල්වල සියලු ගුරුවරුන් පුහුණුවලත් උපාධිධාරී ගුරුවරුන් බවට පත් කිරීම අරමුණ කර ගනිමින් ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය ලබන ජූනි මස අග වන විට විවෘත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර සිළුමිණට පැවැසීය.

මෙය ලංකාවේ ඉදිවන අධ්‍යාපනය සම්බන්ධ ප්‍රථම විශ්වවිද්‍යාලය වන අතර, එය විවෘත කිරීමෙන් පසු 2033 වසර වන විට ලංකාවේ ප්‍රාථමික ශ්‍රේණිවල සිට උසස් පෙළ දක්වා වූ ඉගැන්වීම් සිදුකරන 242,000ක් වූ සියලු ගුරුවරුන් අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥ දැනුමක් ඇති උපාධිධාරි ගුරුවරුන් බවට පත් කෙරෙනු ඇත.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙම විශ්වවිද්‍යාලයේ මූලස්ථානය මහරගම පිහිටුවීමට අපේක්ෂිත අතර, දැනට ක්‍රියාත්මක වන විද්‍යා පීඨ 19ම එම විශ්වවිද්‍යාලයේ මණ්ඩප ලෙස ක්‍රියාත්මක වනු ඇත.

මෙම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන මූලස්ථානය සම්බන්ධ කරගෙන විද්‍යා තාක්ෂණය , අධ්‍යාපනය, විශේෂ අධ්‍යාපනය, තොරතුරු සන්නිවේදනය, ශාරීරික අධ්‍යාපනය ඇතුළු පීඨ 8ක් ක්‍රියාත්මක වනු ඇත. එසේම සෑම විශ්වවිද්‍යාලයකම අධ්‍යයනාංශ පිහිටුවීමටද පියවර ගැනෙනු ඇත.

මේ සඳහා අවශ්‍ය ගොඩනැඟිලි සඳහා දැනට පවතින ගොඩනැඟිලිම යොදා ගන්නා අතර 2024 සඳහා රුපියල් බිලියන 1ක මුදලක් ද මේ සඳහා වෙන් කර ඇත. මේ වන විට වර්ෂයකට රජයේ පාසල් පද්ධතියට අලුතින් ගුරුවරු 8000ක් එකතු වන අතර ඉදිරියේදී එම සියලු ගුරුවරුන් මේ යටතේ අධ්‍යාපනය පිළිබඳ දැනුමක් ඇති උපාධිධාරියෙකු ලෙස පාසල් පද්ධතියට එක් කෙරෙනු ඇත. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර පැවැසුවේ පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත වූ පසුව ජූනි මස අග වන විට මෙම විශ්වවිද්‍යාලය විවෘත කෙරෙන බවයි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division