Home » තිලක් ධනපාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට

තිලක් ධනපාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

පොලිස් විශේෂ කාර්‍යාංශ දිශාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ. ධනපාල මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත. මාතර දෙයියන්දර ජාතික පාසලේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය පන්ති සාමර්ථ­්‍යයක් ද සහිතව සමත් වී ආධුනික සහකාර පොලිස් අධිකාවරයෙක් වශයෙන් ශ්‍රී ලංකා පොලිසියට එක් වී ඇත.

කොළඹ, කුලියාපිටිය, වවුනියාව, තංගල්ල, ආදී ප්‍රදේශවල හා පොලිස් විශේෂ කාර්යාංශය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ආදි කොට්ඨාසවල සේවය කර ඇත. මොහු 2007 වර්ෂයේ දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද හිමි කරගෙන ඇත.

අ‍ෙමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, ජපානය, සිංගප්පූරුව, මහා බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, ඔස්ට්‍රියාව, අසර්බයිජානය, බ්‍රසීලය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රුසියාව ආදී රටවල පුහුණු පාඨමාලා, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදියට සහභාගිවෙමින් ජාත්‍යන්තර අත්දැකීම් රැසක් ලබා ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division