Home » ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමුළුවක්

ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමුළුවක්

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

තාක්ෂණ අමාත්‍යාංශය හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය එක්ව ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) පිළිබඳව සංවිධානය කළ සමුළුවක් පසුගියදා කොළඹදී පැවැත්විණ. සැසි තුනකින් සහ හමු කිහිපයකින් සමන්විත වූ එම සමුළුවේදී සේවා සැපයීම යථාර්ථයක් බවට පත් කිරීම, අන්තර්ග්‍රහණීයත්වය ප්‍රවර්ධනය කරමින් ප්‍රජාවන් බලගැන්වීම සහ නව්‍යකරණයට ජවය ලබා දෙමින් ආර්ථිකය පෝෂණය කිරීම සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් හි පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙසින් සාකච්ඡා කෙරිණි සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසිනි. ශ්‍රී ලංකා ආර්ථිකය ඩිජිටල්කරණය සඳහා DPI ප්‍රධානතම සාධකයක් බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය. ඉන්දියාවේ සාර්ථක ක්‍රියාමාර්ගයන් දේශීය වශයෙන් ක්‍රියාවට නංවමින් වර්ධනය වේගවත් කිරීමට ඇති හැකියාව ඉස්මතු කරමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙම ක්ෂේත්‍රය තුළ ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. පිළිගැනීමේ කතාව සිදු කරමින් මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඉන්දියාවේ ඩිජිටල් පරිවර්තනය සහ DPI සහ India Stack හි වැදගත්කම අවධාරණය කළ අතර ඉන්දියාවේ DPI මධ්‍යස්ථානයේ සම සභාපති ආචාර්ය ප්‍රමෝද් වර්මා මහතා ද සිය ඉදිරිපත් කිරීම අතරතුරදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division