Home » ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමියෝ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධුරයට

ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමියෝ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධුරයට

by Mahesh Lakehouse
March 30, 2024 12:29 am 0 comment

රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමිපාණෝ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධුරයට පත්ව සිටිති. මාර්තු 2 වැනිදා සිට 6 වැනිදා තෙක් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ පැවති ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ එකොළොස් වැනි මහ සභා රැස්වීමේදී උන්වහන්සේ මේ තනතුරට පත්වූහ.

ලෝකයේ විශාලතම බෞද්ධ සංවිධානය වන ලෝක බෞද්ධ සංඝ සම්මේලනය 1966 වසරේදී ආරම්භ වූවකි. 1981දී තායිවානයේ තායිපේ නගරයේ එහි මූලස්ථානය පිහිටුවන ලදි. ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමිපාණෝ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම්, සාමය සඳහා වන ආසියානු බෞද්ධ සංගමයේ ලංකා ශාඛාවේ සභාපති ආදි තනතුරු ගණනාවක් හොබවන කීර්තිමත් සංඝ පිතෘවරයෙකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division