Home » සංඝනායක ධුරයෙන් පිදුම් ලබති

සංඝනායක ධුරයෙන් පිදුම් ලබති

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

පිටිපන ශ්‍රී උත්තරාරාම මහා විහාරය, හොරගල ශ්‍රී ගුණතිලකාරාම පුරාණ මහා විහාරය, කුරුගල ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය, බටහිර හොරගල ශ්‍රී සුමනගිරි විහාරය යන චාතුර්මහා විහාරාධිපති, වීදියගොඩ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සංඝ සභික, කටයුතු මාදුළුවාවේ ධම්මික නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත, මහනුවර ඓතිහාසික උපෝෂථ පුෂ්පාරාම විහාරද්වයාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහ විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමින්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින්, “විමලකීර්ති ශ්‍රී ගුණරතනාභිධාන යන ගෞරව නාමය සහිත ව තත් නිකායේ බස්නාහිර පළාතේ කොළඹ මහ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට පත් කර ඇත. එම පදවිය වෙනුවෙන් පිරිනැමෙන සන්නස් පත්‍රය සහ විජිනිපත ප්‍රදානය කිරීම 29දා ප.ව 2.30ට ‌‌ඓතිහාසික මහනුවර රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී සිදු කෙරේ.

You may also like

Leave a Comment