1.4K
මේ දිනවල පවතින අධික උණුසුම අප්‍රේල් මස මැද දක්වා පවතින බවත් අප්‍රේල් මස මැද භාගයේදී පමණ අධික රස්නය පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක සිළුමිණට පැවැසීය. අප්‍රේල් මස 15 වැනිදා සිට ක්‍රමයෙන් වර්ෂාව ලැබෙන බවත් අධික
උණුසුම ඉන් පසුව පහව යනු ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය. මැයි මාසයේ 25 වැනිදායින් පසු නිරිත දිග මෝසම සක්‍රිය වන බව පැවසූ හෙතෙම පෙන්වා දුන්නේ මේ මස අවසානයේ සිට උදෑසන සුළු වර්ෂාවක් නැඟෙනහිර, ඌව පළාත්වලට සහ සවස් කාලයේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම පළාත්වලට ද ලැබීමට ඉඩ ඇති බවයි.
දීපාල් සමරසේකර