කපටි නරිහාමිට රැවටුණ මෝඩ කොටිරාළ
කෘතිය – කපටි නරිහාමිට රැවටුණ
මෝඩ කොටිරාළ
කර්තෘ – දිසිරු සිරිවර්ධන
ප්‍රකාශනය – සුමති ප්‍රකාශන
ආරක්ෂක සේවා විදුහලේ 5 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දිසරු සිරිවර්ධන විසින් රචිත මෙම කෘතියට සිංහල භාෂාවෙන් කෙටි කතා තුනක් හා ඉංග්‍රීසි භාෂාවෙන් කෙටි කතා දෙකක් ඇතුළත් කර ඇත. සේරා ගිය අපූරු ලෝකය, ඥාණවන්ත ළමයා, මීදුම අපේ රටට ආපු හැටි ආදි වූ කතා ඇතුළත් මෙම කෘතිය අලංකාර කවරයකින්ද නිමිය.
කාලාන්තරාව
කෘතිය – කාලාන්තරාව
කර්තෘ – අමාලි අනුපමා
මල්ලවාරච්චි
ප්‍රකාශනය – සීමාසහිත
ඇස් ගොඩගේ සහ
සහෝදරයෝ
(පුද්) සමාගම
මිල – රු 900
පිටු ගණන – 184
මෙය 2022 ගොඩගේ අත්පිටපත් තරගයේ ඇගැයීම් ලද විද්‍යා ප්‍රබන්ධයයි. විද්‍යා ප්‍රබන්ධයක් නමින් වූ මෙම කතාව තුළ අප හොඳින් දන්නා අඳුනන පුද්ගල නාම, ස්ථාන හා නොයෙකුත් සිද්ධි අන්තර්ගත වෙයි. ලේඛකයාගේ කල්පිත ලෝකය මත ගොඩ නැඟුණු දෑ නැවත ගොඩ නංවමින් නැවත ඉදිරිපත් කෙරේ. විද්‍යා ප්‍රබන්ධයක් ලෙස නොව සරල බස් වහරකින් රචනා කර තිබීම නිසා ඕනැම කෙනෙකුට පහසුවෙන් කියවා තේරුම් ගත හැකියි.
රත්තරන් මාළුවා සහ තවත් කතන්දර
කෘතිය – රත්තරන් මාළුවා
සහ තවත් කතන්දර
කර්තෘ – සෙනුජ තිලකරත්න
ප්‍රකාශනය – රිච්මන්ඩ්
විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ ළමා සාහිත්‍ය කවය
රිච්මන්ඩ් විද්‍යාලයේ 4 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සෙනුජ කෙමින් තිලකරත්න විසින් රචිත මෙම කෘතිය පසුගිය වසරේ රිච්මන්ඩ් විද්‍යාලයිය කන්නන්ගර ශාලාවේ පැවැති ළමා සාහිත්‍ය උලළේදී දොරට වැඩි අතර ළමා කතා පොත් තරගයේ හොඳම අත් පිටපත ලෙස තේරී පත්විය. පුංචි සෙනුජ විසින් ළමා කතා පහක් මෙම කෘතියට ඇතුළත් කර ඇත්තේ ළමා චිත්‍රද සමඟිනි.