Home » හැටන් නැෂනල් බැංකුවේ 135 වසර වෙනුවෙන් සමරු මුද්දරයක්

හැටන් නැෂනල් බැංකුවේ 135 වසර වෙනුවෙන් සමරු මුද්දරයක්

by sachintha
March 16, 2024 12:11 am 0 comment

හැටන් නැෂනල් බැංකුව වසර 135ක් පුරාවට සිය ගනුදෙනුකාර භවතුන්ට සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ සිහින හා අරමුණු කරා යාමට ලබාදුන් සහාය සමරනු වස් පසුගියදා සමරු මුද්දරයක් නිකුත් කළේය.

මේ පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් සඳහන් කළේ, ‘’අපේ ආරම්භයේ සිටම අපේ ශක්තිය රඳා පවතින්නේ අපේ මූල්‍යමය ශක්තිය මත පමණක් නොවන බව අපි දන්නවා. මොකද අපේ ලොකුම ශක්තිය වෙන්නේ අපි සේවය කරන වගේම අපිව ආයතනයක් ලෙස විශ්වාස කරන අපේම ජනතාව. නො එසේ නම් පළමු වරට ඉතිරි කිරීමට ඉගෙන ගන්නා සිසු දරු දැරියන්ගේ සිට දැවැන්ත ව්‍යාපාර බවට පත්වෙලා තියෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනකන්ම විහිදිලා තියෙන අපේම ගනුදෙනුකරුවන්. අපගේ අතීත අත්දැකීම්වලින් ශක්තිමත් වී අපි ඔබ හා එක්ව නිර්මාණය කරන ඒ සුන්දර අනාගතය කරා පියමං කරන්න අපි ඉතා උනන්දුවෙන් බලා සිටින වග මතක් කරන්නට කැමැතියි.’’ යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division