Home » HNB Finance මූල්‍ය සාක්ෂරතාව මෙවර අම්බලන්තොට සහ තිස්සමහාරාමයට

HNB Finance මූල්‍ය සාක්ෂරතාව මෙවර අම්බලන්තොට සහ තිස්සමහාරාමයට

by sachintha
March 16, 2024 12:09 am 0 comment

HNB Finance PLC සිය ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරනු පිණිස ක්‍රියාත්මක කරන “දිරියෙන් දියුණුවට මූල්‍ය සාක්ෂරතාව” ව්‍යාපෘතියේ මේ වසරේ පළමු වැඩසටහන් ද්විත්වය පසුගියදා අම්බලන්තොට සහ තිස්සමහාරාමයේදී පැවැත්විණි.

HNB Finance නිපුණතා සංවර්ධන අංශ ප්‍රධානී අනුර උඩවත්ත විසින් මෙම වැඩසටහන් මාලාව මෙහෙයවන ලද අතර, මෙහිදී ව්‍යාපාරයන්හි ගිණුම් පවත්වාගෙන යෑම, ණය කළමනාකරණය, ලාභයෙන් කොටසක් ප්‍රති ආයෝජනය කිරීම, ව්‍යාපාරයේ පිරිවැය කළමනාකරණය හා නව ව්‍යාපාරික අවස්ථා සොයා යාම ආදී අංශ පිළිබඳ ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණයේ ව්‍යවසායකයින් දැනුම්වත් කළ අතර, මේ සඳහා ව්‍යවසායකයින් 300කට අධික පිරිසක් සහභාගී විය.

මේ පිළිබඳ අදහස් දැක්වූ HNB Finance කළමනාකර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත්, “ ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාරික ප්‍රජාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා පළමු අදියරේ සිට මේ දක්වා ක්‍රමානුතූලව ව්‍යවසායකයින් සඳහා මූල්‍ය සාක්ෂරතාව ලබා දීමට අපට හැකි වී තිබෙනවා…” යනුවෙන් පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division