RDB බැංකුවේ මධ්‍යම පළාත 2024 ජත්‍යන්තර කාන්තා දිනය සමරමින් 2024.03.07 දින මහනුවර සහස් උයන පරිශ්‍රයේදී දිරිය ව්‍යවසායිකාවන් උදෙසා විශේෂ සැමරුම් වැඩසටහන් මාලාවක් පැවැත්විණි.
“RDB ගමට Digital” වැඩසටහනට අනුව ව්‍යවසායිකාවන් විද්‍යුත් ගෙවීම් පියවීම් මාධ්‍යයන් වෙත අනුගත කිරීමේ කාර්යයට සම්බන්ධ කරමින් QR පහසුකම්, RDB Debit/Visa card පහසුකම් හඳුන්වා දීම සහ ප්‍රදානය ද උත්සවයට සමගාමීව සිදු කෙරිණි.
මධ්‍යම පළාත් දිරිය ව්‍යවසායිකාවන් සඳහා මූල්‍ය පහසුකම් ප්‍රදානය මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන හඳුන්වාදීම ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශිකයේ සම්පත් දායකත්වයෙන් ”ව්‍යවසායකයින් සඳහා මූල්‍ය සාක්ෂරතාවය”විශේෂ වැඩසටහනද මෙයට සමගාමීව සිදු කෙරිණි.
මධ්‍යම පළාත් ප්‍රාදේශිය සාමාන්‍යාධිකාරී චන්දන ධර්මප්‍රිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශිය කළමනාකාරිනී යසිනි රාජපක්ෂ, ශ්‍රී ලංකා පොලීසිය, කුඩා කර්මාන්ත අංශය, කාන්තා කාර්යංශය, වෘත්තීය පුහුණු අධිකාරිය හා කාර්මීක සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් මෙම උත්සවය සඳහා සහභාගී විය.