Home » IMF නියෝජිත සාකච්ඡාවට විපක්ෂයටත් ඇරියුම්

IMF නියෝජිත සාකච්ඡාවට විපක්ෂයටත් ඇරියුම්

by Mahesh Lakehouse
March 9, 2024 12:36 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව 11 වෙනිදා සඳුදා ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ නායක සිවඥානම් ශ්‍රීධරන් යන මහත්වරුන්ට ආරාධනා කර තිබෙන අතර ඔවුන් සමඟ පක්ෂයේ ඕනෑම අයෙකුට ද සහභාගිවීමට අවස්ථාව සලසා දී ඇත.

තවද පාර්ලි­මේ­න්තුවේ මුදල් පිළි­බඳ කාරක සභාවේ සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහ­තාට ද මේ සඳහා සහ­භා­ගී­වන ලෙස දැනුම් දී තිබේ.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ වන වැඩ­පි­ළි­වෙ­ළෙහි යෝජනා සම්බ­න්ධව එහි නියෝ­ජි­ත­යන් සමඟ සාකච්ඡා කිරී­මට අව­ස්ථාව සලසා දෙන ලෙස පසු­ගි­යදා පාර්ලි­මේ­න්තුවේ දී හර්ෂ ද සිල්වා මහතා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙතින් ඉල්ලී­මක් කර තිබු අතර, රට යළි ගොඩ­නැ­ගී­මට නම් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ වන වැඩ­ස­ට­හන සාර්ථ­කව ඉදි­රි­යට ගෙනයා යුතු බවත්, ඒ සඳහා සියලු පක්ෂ­වල සාමු­හික වග­වීම අවශ්‍ය බවත් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ද ස්ථාව­ර­යයි. මෙම සාක­ච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන් වන ෂෙහාන් සේම­සිංහ, රංජිත් සිය­ඹ­ලා­පි­ටිය, ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක හා ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නා­යක, ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක, මහ­බැංකු අධි­පති ආචාර්ය නන්ද­ලාල් වීර­සිංහ, මුදල් අමා­ත්‍යාං­ශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරි­ව­ර්ධන, ආර්ථික කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක ආචාර්ය ආර්. එච්. එස් සම­ර­තුංග යන මහ­ත්ව­රුන්ද සහ­භාගී වීමට නිය­මි­තය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division