Home » රනිල් අද කුලියාපිටියෙන් ජනපතිවරණ සටන අරඹයි

රනිල් අද කුලියාපිටියෙන් ජනපතිවරණ සටන අරඹයි

by Mahesh Lakehouse
March 9, 2024 12:39 am 0 comment

“සැබෑව” තේමාව මුල් කර ගනිමින් සංවිධාන කෙරෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ සටනේ ප්‍රථම මහජන රැලිය කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී අද (10) පස්වරු 2ට පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සහභාගී වන ප්‍රථම මහජන රැළිය මෙය බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් ලෙස කටයුතු කරමින් සිටින බව කී කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂය ලෙස ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා මෙම මහජන රැලිය සංවිධාන කරන බවයි.

නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා ඉදිරියේදීත් විවිධ පාර්ශ්ව වෙතින් මහජන රැලි සංවිධාන කෙරෙනු ඇති බව කී කාරියවසම් මහතා අවසානයේ සියලු බලවේග එක්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කෙරෙනු ඇති බවද සඳහන් කළේය.

කුලියාපිටියේ පැවැත්වෙන “සැබෑව”මහජන රැලිය සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක, අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහත්වරුද සහභාගී වෙති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division