Home » චිලී රාජ්‍යය ආර්ථික අර්බුදයෙන් ගොඩගිය හැටි

චිලී රාජ්‍යය ආර්ථික අර්බුදයෙන් ගොඩගිය හැටි

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

ණය අර්බුදයෙන් ගොඩගිය රටවල්

ත්මන් චිලී ආර්ථිකය දකුණු අමෙරිකා මහාද්වීපයේ රටවල් අතර ස්ථාවර සහ සමෘද්ධිමත් ආර්ථිකයකි. චිලී රාජ්‍ය ස්වභාවික සම්පත්වලින් පරිපූර්ණ වූ රටකි. විශේෂයෙන් අතීතයේ රටේ ආර්ථිකය විශාල වශයෙන් ලෝහ ආශ්‍රිත රිදි වැනි ඛණිජ ද්‍රව්‍ය අපනයනය පාදක කොට ගත්තකි. ලෝකයේ විශාලතම කොපර් නිෂ්පාදකයා වන්නේ ද චිලී දේශයයි. කෙසේ වෙතත් 1950 ගණන් දක්වා චිලී රටේ ආර්ථිකය පැවැතියේ පුද්ගලික අංශයේ ය. පුද්ගලික අංශයට තිබූ ප්‍රධාන ආර්ථික කටයුතු ජනසතු කිරීම පසුකාලීනව ආරම්භ කරන ලදී. සම්පත් සියලු දෙනා අතර බෙදි යායුතු අතර එය රටේ සුළුතරයක් විසින් පරිහරණය කිරීම යන පදනම මත මේ ජනසතු කිරීම සිදු කරන ලදී.

රටේ ආදායම බෙදා හදාගැනීම සියලු දෙනා අතර සිදුවිය යුතුයි යන අදහස මෙහිදී අරමුණු විය. රටේ ප්‍රධාන වෙළෙඳ සහකරුවන් ලෙස ඇමෙරිකාව චිනය බ්‍රසිලය ආජන්ටිනාව සහ දකුණු කොරියාව වෙයි. මේ සම්පත් ජනසතු කිරීමත් සමඟ අමෙරිකාව වැනි රටවල් එයට ප්‍රතිවිරුද්ධව සමහර ලෝහ වැනි ද්‍රව්‍ය චිලී රටින් ආනයනය කිරීම මිලදී ගැනීම නවතා දමන තත්ත්වයක් ඇති විය. මේ ජනසතු කිරිම එවැනි ප්‍රතිවිපාකවලට පවා ගමන් කරන ලදී. කෙසේ වෙතත් 1973 වර්ෂයේදී සමාජවාදී මුහුණුවරක් ගත් රජය පෙරළා හමුදා කුමන්ත්‍රණයක් මඟින් පිනෝ චේ ගේ නායකත්වයකින් යුතු ඒකාධිපති පාලනයක් ආරම්භ කරන ලදී.

එහිදි 1970 ගණන්වලදී ලෝකයේ තෙල් මිල පහළ මට්ටමක පැවැතීම නිසා උපයාගත් මුදල්වලින් ණය ගැනීම ආරම්භ කරන ලදී. එහිදී දියුණු රටවල් ඉතාමත් අඩු පොලී පහසුකම යටතේ ණය ලබා ගැනීමේ හැකියාවක් තිබුණි. ඒ නිසා බොහොමයක් රටවල් 1970දී මැද භාග‍යේදි මේ ණය ලබාගන්නා ලදී. 1980 වනවිට ණය පොලී අනුපාත ඉහළ යාමත් සමඟ ණය ආපසු ගෙවීමේ අර්බුදයකට ගමන් කරන ලදී. මේ අර්බුදයට චිලී රාජ්‍ය මුහුණ දෙන ලදී. ඒ අර්බුදයට ගමන් කිරිම සිදුවන්නේ රජයේ ආදායම් වර්ධනයකින් තොරවයි. මෙහිදී ණය සේවාකරණය නැති නම් ආපසු ගෙවීම අර්බුදයක් ඇති විය. විශේෂයෙන් රට තුළ උද්ධමනය ඉතා ශීඝ්‍ර ආකාරයට ඉහළ යන ලදී. උද්ධමනය 1980 වනවිට 10% විය. එය 1983 වන විට 27%ක් දක්වා ඉහළ යන ලදී. 1990 මුල් භාගය වන විටත් එය 20%ක් පමණ ඉහළට ගොස් තිබුණි. මෙය අධිඋද්ධමනකාරී තත්ත්වයක් නොවුවත් ඉහළ උද්ධමනකාරී තත්ත්වයක් ලෙස පැවැතිණි. එසේ ම ණය අර්බුදයක් සමඟ තවත් එක් සුවිශේෂි කාරණාවක් සිදු විය.

චිලී රටේ බැංකු පද්ධතිය කඩා වැටීමකට ලක් විය. ඒ තුළ බැංකු අංශය කඩා වැටීම නැවැත්වීමට ඒ රටේ මහ භාණ්ඩාගාරය සහ මහ බැංකුව විශාල මැදිහත් විමක් කළ ද සමහර බැංකු සම්පූර්ණයෙන්ම කඩා වැටීමට ලක් විය. මේ තත්ත්වය තුළ IMF සමඟ ගිවිසුම්ගත වීමක් සිදු විය. 1982 දි එය එසේ සිදු කිරීමෙන් අනතුරුව මේ ගිවිසුම්ගත වීම චිලී රට සිදු කළත් වෙනත් රටවල් ප්‍රතිව්‍යුහගතකරණයකට යන ලදී. චිලී රටේ විශේෂත්වය වන්නේ ගෙවන කාලයට අදාළව සිදුකරන වෙනස්කම් වේ. එනම් වසර පහකින් ගෙවීමට තිබූ ණයක් දහයක් දක්වා දීර්ඝ කර ගැනීමෙන් ණය වාරිකය අඩුවීමක් සිදු වෙයි. ඒ අනුව 1983, 1985 සහ 1989 යන වර්ෂවලදී ණය ප්‍රතිව්‍යුගහකරණ IMF සහය ඇතිව කරගෙන යන ලදී. චිලී රාජ්‍ය ලතින් ඇමෙරිකානු රටවල් මෙන් ඇත්ත වශයෙන් BRADY BOND යන ‍යෝජනා ක්‍රමයට ඇතුළු වුයේ නැත. ඒ ආකාරයට ඔවුන් වෙනත් ණය බැඳුම් කර නිකුත් කිරීමට සිදු කළේ නැත‍. ඇමරිකාවේ භාණ්ඩාගාරය සහ IMF ආධාර යටතේ ඒ සඳහා ණය කල් පිරීමේ කාලය ඉහළ දැමීමක් සිදු විය. මේ අර්බුදයත් සමඟ චිලී රටේ ආර්ථීක අර්බුදයක් නිර්මාණය විය. මේ ආර්ථීක අර්බුදය කොතරම්ද යත් ඒක පුද්ගල ආදායම 20%කින් පහළට යන ලදි. 1991 වර්ෂයේදිය නැවත යථාවත් විය. 1981 දී බිඳවැටුණු ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් නැවත වරක් චිලීවලට අත්පත් කරගැනීමට හැකි වූයේ 1991දී ය. 1980 සහ 1990 කාලසිමාව අනුව චිලි ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක්විය. මේ කඩා වැටීමත් සමඟ 1980 – 90 දශක ලතින් ඇමෙරිකානු රටවල් සංවර්ධන ආපස්සට ගමන් කළ කාල පරිච්ඡේදයකි.

චිලී රජය 1983,1985 සහ 1989 ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව පසුගිය වසර තිහ තුළ එකඳු ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකටවත් ගමන් කර නැත. මේ ආකාරයට ඉහළට පැමිණීමට හේතු වූ කරුණු කිහිපයක් විය. එනම් ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ අතර විශාල එකඟතාවක් ඇති විය. ඒ අනුව ආර්ථික ලිහිල්කරණය දිගටම රට තුළ සිදු කෙරිණි. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මේ අර්බුදය තේරුම් ගනු ලැබිණි.

මහ බැංකුව ස්වාධීන කිරීම ඉතාමත් වැදගත් වෙයි. මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත සමඟ උද්ධමන පාලනය මහ බැංකුවේ ප්‍රධානම කාරණය බවට පත් කරගෙන මේ උද්ධමනය පාලනය කිරීමට කටයුතු යොදා තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස 1991 දි 22% පමණ වු උද්ධමනය 2001 වනවිට 3.5ක් ද ද 2021 වන විට එය 5%කට අඩු මට්ටමට පැවැතිණි. මහ බැංකුව ස්වාධීන කරන ගමන් රජය තමන්ගේ අය වැය පරතරය අඩු කර ගැනීමට බදු එකතු කිරීමට කටයුතු කරන ලදී.

එක් පැත්තකින් රජයේ වියදම් කප්පාදු කරන ලදී. රජයේ අයිතිය යටතේ පැවැති ව්‍යවසායන් පෞද්ගලිකකරණ කරමින් පෞද්ගලික අංශයට ආර්ථිකයට හවුල් වීමට ඉඩ ප්‍රස්ථා ඇති කර දෙන අතර මහ බැංකුව ස්වාධීන කිරීම හරහා රජයට රජයට මුදල් මුද්‍රණය කර විශාල ලෙස මුල්‍ය අංශය අස්ථාවර වන මට්ටමට මහ බැංකුව හරහා රජය ණය ගනු ලබන ක්‍රමවේදය සම්පූර්ණයෙන් අතහරින ලදී. මේ හරහා දැඩි රාජ්‍ය මුල්‍ය විනයක් පවත්වා ගෙන යාහැකි විය. එක් පැත්තකින් රාජ්‍ය වියදම් කප්පාදු කිරීම අනෙක් පැත්තෙන් රාජ්‍ය මුල්‍ය විනය ඇති කිරීම වඩා වැදගත් කරුණු වෙයි.

විදෙස් ආයෝජන ප්‍රවර්ධනයට දේශීය ව්‍යාවසාය ශක්තිමත් කිරීම එසේම නීතියේ ආධිපත්‍ය පවත්වා ගෙන යාමට චිලී රට සමත් වී ඇත. මේ ස්වාධීන ආයතනවලට ක්‍රියාත්මක වීමට ඉඩකඩ ලබා දෙන ලදී. ඒ හරහා වංචාව දූෂණය නාස්තිය පිටු දැකීමට පියවර ගනු ලැබිණි. මුල් කාලීනව අල්ලස් දුෂණ සිදු විය. ඒවා නැවැත්වීමට රජයේ ආයතන ස්වාධීන කිරීම හැකි විය. ඒ අනුව වංචා දූෂණය නාස්තිය පිටු දැකීමට පියවර ගනු ලැබිණි. ඒ ආයතන ස්වාධීන කිරීමත් සමඟ ඒවාට අවශ්‍ය නිසි බලතල ලබාදීමට සහ හැකියාව ලැබුණි. ඒ හරහා නීතියේ ආදිපත්‍ය තහවුරු කරගනිමින් යහපත් පරිසරයක් රට තුළ ඇති කිරීමට හැකි විය.

චිලී රටට ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට අපනයන ප්‍රවර්ධනය ප්‍රමුඛ කරගෙන ජාත්‍යන්තරව වෙළෙඳ ගිවිසුමට එලැඹීමට හැකි විය. චිලී රටට තමන්ගේ කාෂිකර්මාන්තය ආශ්‍රිත භාණ්ඩ හා සේවා අංශ පුළුල් කිරීමට කටයුතු කරයි. ආර්ථික කළමනාකාරීත්වය ප්‍රවර්ධනය කිරීමට මෙම පියවර ගනු ලැබූ අතර මෙවැනි තීරණ නැවත බංකොලොත් භාවයකට පත් ‍නොවී සිටීමට හැකියාවක් ලැබිණි. ඉතිහාසයේදී එරට ආර්ථිකය ඛණිජ සම්පත් පදනම් කරගෙන තිබූ ආර්ථිකයකි; පෞද්ගලික අංශය ආර්ථිකයේ ඉතා සීමිතව කටයුතු කරන ලදී.

මේ ණය අර්බුදයත් සමඟ චිලී හඳුනා ගත් තත්ත්වයක් නම් ව්‍යවසාය සංවර්ධනයට ප්‍රමුඛතාව ලබා දීමයි. ඒ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රය ජයගත හැකි විය. නිෂ්පාදන ඵලදායිතාව ඉහළ දැමිය හැකිය. ඒ තුළ ඔවුන් නිතරම පෞද්ගලික අංශය ප්‍රවර්ධන සහ පෞද්ගලික අංශයට අදාළ ව්‍යවසාය ප්‍රවර්ධනයට කටයුතු කරනු ලැබිණි.

එසේ ම මේ කරුණු පහ නැවත වරක් ණය අර්බුදයකට පත්වීමට වැළැක්වීමට ගන්නා ලද තීරණ වෙයි. මේ වන විටත් මේ න්‍යායාත්මක තීන්දු ඉතා වගකීමෙන් යුතුව හසුරුවයි. විදේශ ණය දරාගත හැකි ආකාරයට කටයුතු පවත්වාගෙන යනු ලබයි. උද්ධමනය තනි අංකයේ ඉලක්කමක් ලෙස පවත්වා ගෙන යාමට 1990 සිට 2020 කාල සීමා ව තුළ හැකි වී ඇත. මෑතකාලීනව ජන කැලඹිලිකාරී ස්වභාවයන් පැවැතිණි. ඒවා තාවකාලික ප්‍රපංචයන් පමණයි. ඔවුන් අත් කරගෙන ඇති ශක්තිය අති විශාලයි. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 16000 පමණ වෙයි. ආර්ථික සංවර්ධනය සහ සහයෝගිතාව වැනි ආයතනවල සාමාජිකත්වය ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.

මේ තත්ත්වය අනුව ලංකාවට උගත හැකි පළමු පාඩම නම් වෙළෙඳපොළ ආර්ථික ලිහිල්කරණයයි. මෙරට එවැනි ප්‍රතිපත්තියකට ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකෙහිම කැමැත්ත හිමි වෙයි. දැනට තුන්වැනි පක්ෂ ලෙස ගොඩනැඟෙන පක්ෂය IMF එක ඔවුන්ගේ ප්‍රකාශනයක් අනුව ඔවුන් ඒ වැඩසටහන කඩාකප්පල් කිරීමක් සිදු නොවෙයි. නමුත් කොන්දේසි වෙනස් කර ගැනීමට ඔවුන් උත්සාහ කරන බව මේ තුළින් පෙනෙන කරුණකි. නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් වන කරුණකි. වෙළෙඳපොළ ආර්ථික සංවර්ධනය පදනමක් ලෙස පිළිගැනීමට ප්‍රධාන දේශපාලන පක්ෂ හුරුවී ඇති බව පෙනෙයි. මෙහි වැදගත් කරුණක් නම් විවෘත ආර්ථිකය යෝග්‍ය යැයි යන කරුණ පිළිගෙන තිබීමයි. එනම් කොතෙක් දුරට එය මූලධර්මයක් ලෙස භාර ගන්නවාද යන කාරණාව එහිදී මතු වෙයි.

දිගින් දිගටම ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා ආර්ථිකය ලිහිල්කරණයකට ගමන් කළ යුතුයි. මෙරටේ මහ බැංකුව ස්වාධීන වී ඇත. රජයට අවශ්‍ය ආකාරයට ණය ලබාගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නොහැකියි; එය එ‍සේ වුවත් රජය විශේෂයෙන් අනෙකුත් ආයතනවලට සාපේක්ෂව ස්වාධීනත්වය කොතරම් ලාබදී තිබෙයිද යන්න ඒ ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමට හැකිද යන ගැටලු මූලීක වශයෙන් පවති. විශේෂයෙන් අදායම් වියදම් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා ආයතන පද්ධතිය ශක්තිමත් කළ යුතුයි.

දේශීය බදු දේපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තු සහ රේගුව වෙන වෙනම ක්‍රියාත්මක නොකර ඒකාබද්ධ වූ ආදායම් එකතු කරන ඒකාබද්ධ වූ ව්‍යුහයක් ඇති කිරීම ඉතාමත් වැදගත් වෙයි. 2003 වර්ෂයේදි ආදායම් අධිකාරියක් පිළිබඳව සාකච්ඡා වූ නමුත් එය ක්‍රියාත්මක නොවුණි. නැවතත් ඒ පිළිබඳව සංවාදයක් ඇති කර ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි. එසේ ම චිලි 1980 පමණ මේ බදු දැලෙන් පැන යන පිරිස සිමා කරන ලදී. බදුවලට අදාළව ගෙවිය යුතු ප්‍රතිශතය සම්බන්ධයෙන් යාන්ත්‍රණයක් සකස් කර ඇත. ඒ යාන්ත්‍රණය තුළ ගෙවීමෙන් පැන යන පිරිස සීමා වී ඇත. ලංකාව ද බදු දැල ශක්තිමත් කර ගෙවිම ශක්තිමත් කළ යුතුයි.

එසේ නොවුණහොත් එම යාන්ත්‍රණය ශක්තිමත් නොකළහොත් ගෙවන පුද්ගලයන්ගෙන්ම තවදුරටත් බදු ගෙවීමත් සිදු වෙයි. ඒනිසා මේ තත්ත්වයෙන් මිදීමට මෙරට ද ඉදිරියේදී කටයුතු කළ යුතුයි. ආදායම් බදු එකතු කිරීමේ ශක්තිමත් ක්‍රමවේදයකට නොයා වෙනත් බදු යෝජනා ඉදිරිපත් කිරීම කෙසේ කළ හැකි ද යන්න ගැටලුවකි.

එසේ ම ලංකාවේ ජන ජීවිතය ගත් විට නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීම නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කළ යුතුයි.

එයින් දේශීය විදේශීය ආයෝජකයන්ට යම් විශ්වාසයක් ගොඩනැඟෙයි. ස්ථාවර ලෙස නීතිය සහ සාමය පවත්වාගෙන යාමට සහ අල්ලස දුෂණය ඉතාම පහළ මට්ටමකට ගෙන ඒමට ඔවුන්ට හැකි වී ඇත. මෙ රටේ ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීමට විවිධ නම්වලින් ආයතන රැසක් වෙයි. මේ දේවල් පිළිබඳ රජය අවධානය යොමු කිරීමට අවශ්‍ය වෙයි.

අර්බුදය සමඟ චිලී රාජ්‍ය අවබෝධ කරගත් කරුණක් නම් ව්‍යවසාය සංවර්ධනය අත්‍යවශ්‍ය බවයි. මේ අර්බුදය නැවත ඇති නොවීමට නැවත ණය ගෙවීමට ව්‍යවසායක සංවර්ධන මෙරටේ ද ඇති කර ගැනීම වඩා වැඩි අවධානයක් යොමු විය යුතුයි.

ව්‍යවසාය පවත්වාගෙන යාම‍ වරදක් නැති බව තර්කයක් වෙයි. එහෙත් ව්‍යවසාය පවත්වා ගෙන යායුත්තේ එය රටේ ආර්ථිකයට බරක් නොවන සහ අයවැයට බරක් නොවන ආකාරයටයි. එසේ නම් වඩාත් වැදගත් වන කරුණක් නම් රජය තමන් කළ යුතුයි කියන අංශවලට පමණක් රාජ්‍ය ව්‍යවසාය පවත්වාගෙන යන ගමන් ඉන් පරිබාහිර කටයුතු පෞද්ගලික අංශයට විවෘත කළ යුතුයි. අද රජය සියලු අංශවලට මැදිහත් වන නිසා පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්ට ව්‍යාපාර කරණය මෙරටේ අසීරු කරුණක් වී ඇත. චිලී රට ආදර්ශයට ගෙන මෙය වෙනස් කළ යුතුයි. අපනයන අංශය ආනයන අංශය වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම පෞද්ගලික ව්‍යවසාය සංවර්ධනය කිරීම අවශ්‍යයි. නීතිය සාමය සුරක්ෂිත වීම අත්‍යවශ්‍ය කරුණකි. වංචා දුෂණ මැඬ පැවැත්විය යුතුයි.

පසුගිය වසර 30 තුළ චිලී රාජ්‍ය කිසිදු ණය අර්බුදයකට මුහුණ නොදී කෙටි කාල සීමාවකදී ණය සම්බන්ධයෙන් වන අර්බුදය විසඳා ගෙන නැවත වරක් ඉදිරියට ඒමට ඔවුන්ට හැකි විය. චිලී රාජ්‍යයෙන් අපිට උගත හැකි හැකි පාඩම් විශාලය. ණය අර්බුදයක් ඇති නොවන ආකාරයට රට නැවත ගොඩනඟන්නේ කෙසේද යන්න ලෝකයට ඔවුන් පූර්වාදර්ශයක් සැපයීය.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division